tv-abuse-girl-reveal

පුංචි දරුවන් රූපවාහිනියේ විකාශය කැරෙන සමහර වැඩසටහන් වලට දක්වන්නේ ලොකු ඇල්මකි. කාටූන්, ළමා චිත්‍රපට, පුංචි අයගේ වැඩ සටහන්, රූපවාහිනී නාලිකා වලට දරුවන් කවදත් ලොල්ය.
 විකාශය වු වැඩසටහනකදී කලකට පෙර තමන්ට සිදු වූ කාම අපරාධයක තොරතුරු ගැන දැනගෙන දරුවා එය අනාවරණය කිරීම නිසා පසුගියදා මවක තැතිගන්වන්නට සමත් විය.

ඒඅනුව කාලයේ වැලිතලා වෙසී යැමට ඉඩ තිබුණු ළමා අපයෝජන දෙකක සුලමුලට අනාවරණය කරගැනීමට පොලිසියට හැකිවිය. ඒ අදාල රූපවාහිනී වැඩසටහන්වලට පින් සිදුවන්නටය.මේ සිදුවීම් පෙළගැසෙන්නේ මෙසේය.



ඇය සීදුව ප්‍රදේශයේ පදිංචි දැරියකි.මේ දැරිය දැන් වයස අවුරුදු 13කි. ඇය මීට වසර 7කට පමණ පෙර ඉගෙනුම ලැබුවේ 1 වසරේය.දැරිය පියා ගමේ වනවිට සිටින්නේ දැරියගේ මවගෙන් වෙන් වී අනුරාධපුර ප්‍රදේශයේය. ඊට පෙර මේ පියාදැරිය සහ බිරිය සමග ජීවත් වූ සිදුවේ නිවෙසකය. මේ අමන පියා තම ලෙයින් මසින් උපන් දියණිය අපයෝජනය කරන බවක් යැයි දැරියවියට එකල්හි නොතෙරෙන්නට ඇත. පිය පදවියට නිගාදුන් මේ තිරිසන්නා දිගින් දිගටම තම එකම දියණීය අපයෝජනය කරන්නේ කිසිමපැකිලීමකින් තොරවය.

දැරියගේ මව මේ කිසිත් දැන සිටියද නැත කාලය මෙසේ ගෙවීයද්ද තිරිසන් තාත්තාගේ ක්‍රියා පටිපාටිය මස්සිනා දැන ගත්තේය, ඔහු මේ පුද්ගලයාගේ බිරියගේ සහෝදරයාය. කොටින්ම කියතොත්දැරියන්ගේ මාමාය.පුද්ගලයා දැරියගේ පියාට වඩා අන්ත තිරිසනෙක් කීවාට වරදක් නැත, තම සහෝදරිය දියණිය මස්සිනා අතින් අපයෝජනයවන බව සහෝදරියට දැනුම්දීම වෙනුවට වන සතෙකු වැනි මාමා කරන්නේ මස්සිනාට එකතුවී තම සහෝදරිය දියණිය අපයෝජනය කිරීමයි.වනේ වන සතකුවත් නොකරන මෙවැනි  අපරාධයකට මුහුණ දී සිටින අහිංසක දැරියට ඒගැන දැනුමත් තේරුමක් නොතිබිණි. තමන්ගේ සැමියා,තමන්ගේම සොයුරා සමග එකතුවීතම දියණිය අපයෝජනය කරන බව මව ඒ වනවීට ද දැන සිටියේ නැත.

කාලයමෙසේ ගෙවී ගියේය. තිරිසන් පියා බිරිය සහ දරුවා අතහැර අනුරාධපුරයට ගියේය.

මාමා ද යන්නට ගියේය. මව දියණිය සමග තනිවූවාය. මේ වනවිට දැරියගේ වයස අවුරුදු 13කි.ලිංගික අපචාර ගැන සහ ඒවායින් වැලකන අයුරු පිළිබඳ රුපවාහිනී චැනලයක අධ්‍යාපනික වැඩසටහනක් පසුගියදා විකාශය විය, මව සහ දියණිය මේ වැඩසටහන එකට සිට නැරඹුහ.මේ වැඩසටහන විකාශය වන අතරේ දැරියගේ මුවින්ද වදනක් පිටවිය. මව එය තදින් ග්‍රහණය කරගත්තාය. 'අම්මේ ඕවත් වැඩද? යනුවෙන් ඇය මවගෙන් විමසුවාය.

දියණිය කියන්නේ කුමක්දැයි දිගින්දිගටම කල්පනා  කළාය. ඉන් අනතුරුව ඇය ඒගැන දියණියගෙන් ප්‍රශ්න කළාය. තමන් හත්වසරකට කලින් මුහුණ පැඒ අමිහිරි සිදුවීම් එකින්එක ඇය මවට හෙළි කරන්නට වූයේ වැඩි ගණනක් නැතිවය.එය අසා සිටිය මවටකුමක් සිතන්නට ඇත්ද? තම සැමියා සහ සහෝදරයා අතින් දියණිය අපයෝජනයට ලක්වී ඇති බව දැනගත් මව ඒ ගැන කළ යුත්තේ කුමක්දැයි කල්පනා කළාය. දැරිය සමග පොලීසියට ගොස් ඒගැන පැමිණිලි කරන්නේ සාධාරණයක් ඉෂ්ඨකරදෙන ලෙස ඉල්ලමිනි.

පොලිස් විමර්ශන පොලිස් විමර්ෂන ආරම්භ කරන්නේ ඉන් පසුවය.දැරියගේ පියා සහ මාමා අත්අඩංගුවට ගැනිණී.සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.මේ ආකාරයට වූ අනෙක්සිදුවීම වාර්ත වූයේකඩුවෙල ප්‍රදේශයෙනි. මේ දරුවාගේ දැන වයස අවුරුදු 11කි.දරුවා ගුරුවරයා ලෙස කටයුතු කළ පුද්ගලයකු අතින් අපයෝජනයට ලක්වී ඇති බව දරුවාහෙළිකළේය.ඔහු මේ දරුවා අවස්ථා ගණනාවකදීම අපයෝජනය කර තිබිණි. දරුවාගේ මව මේ ගැන ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලිකරන්නේ ඉන්අනතුරුවය.මේ ගැන සිදුකරන ලද විමර්ශනවලින් පසුව ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරිණි. සැකකරු කඩුවෙල ප්‍රදේශයේ විදුහලක. ගුරුවරයෙකී.



මේ දරුවාහෙළිකළ කරුණුවලට අනුව දරුවාගේ මව මේ ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලිකර තිබිණි.කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුකරන ලද විනය පරීක්ෂණයේදී සැකකාර ගුරුවරයා වරද පිළිගෙන ඇති නිසා ඔහුගේ සේවය අත් හිටුවා ඇති බවද අනාවරණය විය.ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේසේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සැකකාර ගුරුවරයාරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.


-අමල් රණබාහු-