පන්දුවාර විස්සයි විස්ස 2021 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය අද ඩුබායි ක්‍රීඩාංගණයේදී නවසීලන්තය හා ඕස්ට්‍රෙලියාව අතර පැවැත්වූ අතර ශූරතාවය දිනාගන්නට ඕස්ට්‍රෙලියාව සමත් විය. මුලින්ම කාසියේ වාසිය දිනාගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වු අතර පළමුවෙන් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 172 ක් ලබා ගන්නට සමත්විය.
ප්‍රහාරාත්මක පිතිකරණයක නියැළුණ නායක විළියම්සන් පන්දු 48 කදී ලකුණු 85 ක් ලබාගත් අතර ඔහු සංගක්කාර තබා තිබූ විස්සයි20 තරගාවලී අවසන් තරගයක වැඩිම ලකුණු වාර්තාව බිඳ දැමුවේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් හා හයේ පහර 3 ක් ඇතුළත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රෙලියාව පන්දුවාර 18.5 කදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 2 ක් පමණක් දැවී යමිනි.
මෙම තරගයේදී මිෂෙල් මාර්ෂ් නොදැවී 77 ක් රැස් කළේ පන්දු 50 කින් වීම විශේෂිතය. ඔහු විස්සයි20 වේගවත්ම 50 (පන්දු31) පසු කර වාර්තා තැබුවේය. එම ඉනිමට හතරේ පහර 6 ක් හා හයේ පහර 4 ක් ඇතුළත් විය.ඩේවිඩ් වෝනර්ගේ ලකුණු 53 ද ජයග්‍රහණයට ඉවහල් විය.