two-killed-9-injured-in-habarana-safari-jeep-accident

දේශීය සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් හබරණ, හුරුළුවැව ජාතික වන උද්‍යානයේදී පෙරළීමෙන් පුද්ගලයින් දෙන්නෙකු මියගොස් තවත් පුද්ගලයන් නම දෙනකු තුවාල ලබා ඇති බව වාර්තාවෙයි.


සංචාරය සඳහා පැමිණි එම පිරිස උද්‍යානය නරඹමින් සිටියදී අලියකුට බිය වීමෙන්  රථය වේගයෙන් ආපස්සට හරවා ධාවනය කර ඇති අතර අනතුරුදායි ලෙස පැත්තට ගනිද්දී පෙරළී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරට මුහුණ දෙන විට සෆාරි ජීප් රථයේ පන්නිපිටිය හා මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 11 දෙනෙකු සිට ඇති අතර එළිමහන් ජීප් රථයේ ඇතැමුන් අත්පය එළියට දමා සිටි අවස්ථාවක් වූ නිසා පෙරළෙන අවස්තාවේ යකඩ කඳට යටවීමෙන් හා  තෙරපීමෙන් අනතුරු සහිත ලෙස සිරුරු තුවාලවී තිබේ.

සිද්ධියෙන් දෙදෙනෙකු මියගොස් දරුවන් ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා ඇත.
හබරණ පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් මියගොස් ඇති එක්අයෙකු 41 හැවිරිදි වියේ පසුවන පන්නිපිටියේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගත් බවයි.
තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.