ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙමින් ඔහුගේ අලුත් ජිවිතේ ගැන පවසා තිබේ. ඔහු මෙසේ කීය.

‘කොරෝනා නිසා මේ දවස්වල තිබෙන තත්වයත් එක්ක කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු තරමක් පසුපසට යනවා.
අද කාලේ ගුවන් විදුලිය සහ රුපවාහිනී ගත්තම විශ්වාස කරන්න තරමක් අපහසු තත්වයක තිබෙන්නේ. මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට කටයුතු සංවිධානය කරගෙන යනවා.
නමුත් වර්තමාන තාක්ෂණය නිසා සමාජ මාධ්‍යන් ඔස්සේ විශාල වැඩ කොටසක් කරන්නට හැකියාව තිබෙනවා. මේ ඔස්සේ අපේ රටේ ගොඩක් අය කෙටි පණිවිඩ ඔස්සේ ගීත නිර්මාණ ගැන වගේම සුව දුක් පවා විමසනවා ...




මගේ දුකට සැපට ළඟින්ම සිටින ආදරණිය බිරිඳ තමයි හැමදේකටම උදව් වෙන්නේ. මම අසනීප තත්වයෙන් හිටිය දිනවල බොහෝ දෙනෙකු සුවදුක් විමසලා තිබුනා. මුහුණු පොත ඔස්සෙ ලැබී තිබුණු ආශීර්වාද හැම දෙයක්ම මගේ බිරිඳ මට ඇහෙන්න කියෙව්වා.




ඉදිරියේදී ගොඩක් ලොකු වැඩ වලට සම්බන්ධ වෙන්න නොහැකි වේවි. නමුත් මගේ නිර්මාණ දිගටම කරගෙන යනවා. ජිවිතේ හැමදේකදිම බිරිඳ මට හයියක් වුනා. කෙනෙක් වයස් ගතවෙලා ආදරේ සොයනවා නම් ඒකට වරදක් කියන්න බැහැ. එහෙම වෙන්න හේතුවක් සොයා බලන්නේ නැතිව විවේචන සිදුකිරීම අනුමත කරන්න බැහැ. අද මගේ ළඟ බිරිඳ හිටියේ නැත්නම් මම ගොඩක් තනි වෙනවා. අපේ බැඳීමට වයස් පරතරයක් කිසිදා බලපාලා නැහැ.‘