ඉන්දියාවේ බටහිර වෙරළබඩ දූපතක් වන ඩියුහි සංචාරයට ගිය යුවළක ‘පැරසේලිං‘ ක්‍රීඩාවේ නිරතවන අතරතුර සිදුවූ අනතුරක වීඩියෝවක් එරට සමාජ මාධ්‍ය තුළ පැතිර ගොස් තිබේ.
මෙම ක්‍රීඩාවේදී බල බෝට්ටුවකට සම්බන්ධ කරන ලද කඹයක ගැටගැසූ පැරෂුටයක් පුද්ගලයින් සමග අහසට යොමු කරන අතර ඔවුන් කඹය දිගේ ඉහළට යවා නැවත බෝට්ටුව වෙතට ඇද ගනී.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ගුජරාට් සිට පැමිණි යුවළක් එම ක්‍රීඩාවේ නිරතවද්දී අනපේක්ෂිත ලෙස කඹය කැඩී ඔවුන් මුහුද මැද පැරෂුටය සමග පහළට පාවී කඩා වැටුණි. ‍


මෙම ක්‍රීඩාව සඳහා යොමු කරන කන්ඩායම සතුව ජීවිතාරක්ෂකයින් සිටි නිසාත් යුවළම ජීවිතාරක්ෂක ඇඳුම් ඇඳගෙන සිටි නිසාත් හානියක් නැතිව ජීවිත බේරාගත් නමුත් සිදුවීම නිසා අතිශය කම්පනයට පත්ව ඇත.
පැරෂුටය යවන අවස්ථාවේ බොට්ටුවේ සිටි එකී යුවළගේ පිරිමියාගේ සහෝදරයා කඹය කැඩෙන අවස්ථාව වීඩියෝවට ගෙන ඇති අතර සිද්ධියෙන් පසු එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පැතිරිණි.
මෙම අනතුරට පත් අජිත් කතඩ් පවසන්නේ තමා සහ  බිරිඳ ඩියු වෙරළට ඔබ්බෙන් පැරසේලිං කරමින් සිටියදී පැරෂුටයේ කඹය කැඩී යාමෙන් කම්පනයට පත් වූ බවයි.
 30 හැවිරිදි අජිත් කතඩ් සහ ඔහුගේ බිරිඳ සර්ලා කතඩ්, පසුගිය ඉරිදා  ඩියු හි නාගෝවා වෙරළට ඔබ්බෙන් කඹය කැඩී මුහුද දෙසට වැටිණි.

නිවාඩුවක් ගත කිරීම සඳහා ඩියු වෙත ආ ගුජරාට් යුවළට තුවාල නොමැතිව බේරීමට වාසනාව ලැබුණි.


ඔවුන් ජීවිතාරක්ෂක කබා පැළඳ සිටි අතර වෙරළ තීරයේ යොදවා සිටි ජීවිතාරක්ෂක භටයන් විසින් ඉක්මනින් බේරා ගන්නා ලදී.

ජෝඩුව මුහුදට වැටෙන විට පවර් බෝට්ටුවේ සිටි අජිත් කතඩ්ගේ වැඩිමහල් සොහොයුරා වන රාකේෂ් කෑගසන හඬ ඇසුණි. "මම වීඩියෝව පටිගත කරමින් සිටියා කඹය කැඩී ගිය විට කුමක් කළ යුතු දැයි මට අදහසක් නැතිවුනා"  "මගේ අයියයි, නෑනායි ලොකු උසකින් වැටිලා ඉන්නවා මට පේනවා. ඒ වෙලාවේ තරම් අසරණ කමක් මට කවදාවත් දැනුනේ නැහැ."ඔහු පසුව පැවසීය.

පැරසේලිං සේවාව පවත්වාගෙන යන පෞද්ගලික සමාගමක් වන Palms Adventure සහ Motorsports හි ජීවිතාරක්ෂකයින් විසින් අවසානයේ මෙම යුවළ බේරා ගන්නා ලද අතර ඔවුන් පැවසුවේ මෙම කඹය දිරාපත්වීම නිසා අනතුර සිදුවූ බවයි.
 අජිත් කතඩ් සහ ඔහුගේ පවුලේ අය පැරසේලිං සේවාව නොසැලකිලිමත් බවට චෝදනා කළ අතර පොලිසියට පසුව පැමිණිල්ලක් කරන බවද දන්වා ඇත.

එම වීඩියෝව පහතින්