vijitha-herath-cid

'ජවිපෙ විජිත හේරත් විසින් ලක්ෂ 200ක ඉඩමක් මිලදී ගත්තා' යැයි කූඨ ලේඛනයක් සමාජ මාධ්‍ය තුල සහ ප්‍රවෘත්ති අඩවි කිහිපයක පළකර තිබේ. එය හිතා මතා සකස් කළ ව්‍යාජ පුවතක් බව ඔහු අවධාරණය කර ඇති අතර ඒ පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ඊයේ (01) CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.





ගෝටාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගන්නා අමනෝඥ, අදූරදර්ශී තීන්දු සහ ජනතා විරෝධී පාලනය හේතුවෙන් විශාල ලෙස ජනතා විරෝධයට පත්ව ඇති බවත් එම විරෝධය හමුවේ වියරු වැටී සිටින ගෝටාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට කළ හැකිව ඇත්තේ ජවිපෙ ඉලක්ක කර ගනිමින් මෙවැනි මඩ අවලාද පැතිරවීම බවද ජවිපෙ අවධාරනය කරයි.

ආණ්ඩුවට සෘජුව සම්බන්ධ මඩ බලකාය විසින් මෑත කාලයේදී ජවිපෙ ඉලක්ක කරගනිමින් මෙවැනි අවලාද පල කළ අතර ඒ සියල්ලෙන් ආණ්ඩුවේ මඩ බලකාය හත්පොලේ ගාගනිමින් සිටින බවද ජවිපෙ පවසයි. විජිත හේරත් විසින් ඉදිරිපත්කර ඇති පැමිණිල්ල පහතින් දැක්වේ.