welesuda-mother-nabbed

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාගේ මව රුපියල් 50,000කට අධික වෙළඳ වටිනාකමක් ඇති මත්කුඩු සමග වැල්ලවත්ත සුබෝධි පාරේ නිවසේ දී වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.   සැකකාර කාන්තාව වැල්ලවත්ත සිය නිවසේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතවන බවට බස්නාහිර බුද්ධි අංශය දුන් තොරතුරු මත වැල්ලවත්ත පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඉකුත් 5 වැනිදා පස්වරුවේ එම නිවසේදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  




පොලිස් කණ්ඩායම ඇයගේ නිවස පරික්ෂා කළ ද එහි තිබී කිසිවක් හමු වී නැති අතර පොලිස් නිලධාරීනියන් යොදවා සැකකාරියගේ සිරුර පරීක්ෂක්ෂාවට ලක්  කිරීමේ දී ඇයගේ රහස් පෙදෙසේ සඟවාගෙන සිටි මත්කුඩු පැකට් හමු වූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 5යි, මිලි ග්‍රෑම් 300ක ප්‍රමාණයක් තිබී ඇති අතර ඇය 65 හැවිරිදි බව ද පොලිසිය කියයි.  මෙම සැකකාරිය මීට පෙර ද මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.


 -ඉන්දිකා රාමනායක-