අයහපත් කාලගුණ තත්වය හේතුකොටගෙන අද උදේ කෑගල්ල රඹුක්කනින් මරණ3 ක් වාර්තාවීමෙන් පසු කුරුණෑගල නාරම්මල වෙන්නෝරුව ප්‍රදේශයෙන්ද තවත් පස්කන්දක් කඩා වැටුණ පුවතක් වාර්තා වෙයි.




වෙන්නොරුව නිවසක් මතට පස්කන්ද කඩාවැටීම හේතුවෙන් නිවසේ සිටි 23 හැවිරිදි තරුණියක මරණයට පත්ව ඇතැයි පොලිස්මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා ඇත.
අලව්ව පොලිස් වසමේ නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ (08)  මෙම පස්
කන්ද කඩා වැටී ඇත. සිදුවීම සිදුවන අවස්ථාවේ නිවස
තුළ සිට ඇත්තේ, මියගිය තරුණියත් ඇගේ මව සහ සොහොයුරා පමණකි .
නාය යෑමෙන් බරපතළ තුවාල ලැබූ, අදාළ තරුණිය නාරම්මල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව
තිබෙයි.
මෙසේ මියගොස් ඇත්තේ සඳුනි ජයසූරිය නමැති කොළඹ පෞද්ගලික රෝහලක සේවය කළ තරුණියක බව ආරංචිමාර්ග සඳහන් කරයි.
අනතුරින් නිවසේ සෙසු කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය
වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.