women-cricket-sri-lanka

සිම්බාබ්වේ හි පැවැත්වෙන 2021 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය ඔමික්‍රොන් වෛරසය නිසා අප්‍රිකානු කලාපය කෙරෙහි ඇතිවූ අනියත සැකසංකා මත අත්හැර දමා ඇත.


තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි.


මෙම සුදුසුකම් ලැබීමේ වටය සඳහා තරඟාවලියේ ක්‍රීඩා කොන්දේසි වලට අනුකූලව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව සුදුසුකම් ලබා ගැනීමේ ස්ථාන දැන් තීරණය කරන බව ICC පවසයි.
ඒ අනුව බොහෝ දුරට ශ්‍රී ලංකා කන්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තාවේ.බංග්ලාදේශය, පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැන් ඉදිරියෙන් සිටීම එයට හේතුවයි.

ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන ICC කාන්තා ලෝක කුසලානය සඳහා වන අවසන් ස්ථාන තුන මෙන්ම ICC කාන්තා ශූරතාවලියේ මීළඟ චක්‍රයේ ඉතිරි ස්ථාන දෙකද තීරණය කරන්නට මෙම තරග පවත්වන්නට යෙදුණි.
අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සහායක කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු COVID-19 සඳහා ධනාත්මක වූ නිසා බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තරගය අත්හැරදැමුණ අතර එය ජයගත්තේ නම් යම් අවස්ථාවක් සඳහා ශ්‍රී ලංකාවට ඉඩක් තිබුණි.