yoshitha-rohitha-namal

ලෝකකුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි12 වටයේ තරගකිහිපයක් හා අවසන් පූර්ව වටයේ  තරග ඉදිරි දිනවල පැවැත්වෙන අතර 14 වනදා අවසන් තරගය ඩුබායි සාජා ක්‍රිකට් පිටියේ පැවැත්වීමටද නියමිතය.




මෙම තරග නැරඹීමේ ඉමහත් ආශාවෙන් පසුවූ අගමැති පුතුන් තිදෙනා වන නාමල්,යෝෂිත හා රෝහිත එම තරග නැරඹීමේ අටියෙන් ඩුබායි බලා පිටත්ව යන බව වාර්තාවේ.
දැනටමත් රෝහිත රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ එහි ගොස් ඇති අතර ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ ඉදිරි දිනකදී ඩුබායි වෙත ළඟා වනු ඇත.
  ආදී ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමක් සමග රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර යෝෂිත රාජපක්ෂ ද ඩුබායි වෙත ගොස් ඇත.
ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධවීමේ අටියෙන් රෝහිත පසුගිය දිනවල කටයුතු කළ අතර කළුතර ක්‍රිකට් සමාජ තරගයකටද එක්විය. ඩුබායි ගොස් තරග නැරඹීම ඔහුගේ ක්‍රිකට් උනන්දුව  වඩාත් තීව්‍ර කර තිබේ.
මෙම ගමන් සඳහා ඔවුන් පුද්ගලිකව වියදම් කරනු ඇතැයි අපේක්ෂාවයි.