කරුවලගස්වැව පොලිස් වසමට අයත් සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි පාසල් සිසුවියක ප්‍රේම සම්බන්ධතාවක් නිසා ඇති වූ සිත් තැවුලකින් පෙරේදා (29දා) අළුයම නිවස අසල ළිඳකට පැන දිවි නසාගෙන ඇත
මෙසේ දිවි නසාගෙන ඇත්තේ කරුවලගස්වැව ප්‍රදේශයේ විද්‍යාලයක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි දැරියකි.මියගිය දැරියගේ මව කුලී වැඩ කරමින් උපයාගත් මුදලින් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන
කටයුතු සඳහා ඇයට ජංගම දුරකථනයක් ලබා දී තිබේ. දැරිය අධ්‍යාපන කටයුතු සඳහා මව ලබා දුන් දුරකථනයෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයකු සමග රහසේ සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව පරීක්ෂණවලින් සනාථ වී ඇත.
පෙම්වතා සමග මෙම දැරිය 28 දා රාත්‍රියේ හා 29 දා අළුයම කෙටි පණිවිඩ හුවමාරු කර ගෙන ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඇය සිත්තැවුලට පත්ව ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.දැරියගේ පියා රාත්‍රියේ කුඹුරු ආරක්ෂා කිරීමට යන බවත් නැවත පසු දින උදෑසන 7 න් පසු නිවසට පැමිණෙන බවත් පොලිසිය කියයි. දැරියගේ මවද අළුයම 5 ට කල්පිටියේ එළවළු කොටුවල එළවළු කැඞීම සඳහා නිවසින් පිටත්ව යන අතර සොහොයුරිද මහව ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවයට අළුයම පිටත්ව ගොස් තිබේ.
තරුණයා සමග දුරකථනයෙන් ආරවුලක් ඇති කර ගෙන සිටි මෙම දැරිය නිවසේ කිසිවකු නොසිටි මෙහොතේ නිවසේ සිට මීටර් 200 කට අඩු දුරකින් පිහිටා තිබූ පාළු ළිඳකට පැන දිවි නසා ගෙන ඇත.
සිය දියණිය අළුයම සිට නිවසින් අතුරුදන් වීම සහ 29 දා දහවල් වන තුරු ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොවීම නිසා දැරියගේ පියා කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය පැමිණ නිවස හා අවට සෝදිසි කිරීමේදී දැරිය විසින් ඇගේ අත්අකුරින් ලියන ලද ලිපියක් සොයා ගෙන තිබුණි.
එහි තමාට යම් කරුණක් පිළිබඳව සිත්තැවුලක් ඇතිවූ බවත් ඒ නිසා සිය දිවි නසා ගන්නා බවත් ඇය එහි සඳහන් කර තිබූ බව පොලිසිය පවසයි.පසුව කරුවලගස්වැව පොලිසිය හා කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්ද, (සොකෝ) ගම්වාසීන්ද අවට තිබූ ළිං කීපයක ජලය ඉස ඇති අතර පසුව පාළු ළිෙඟ් තිබූ දැරියගේ සිරුර හමු වී ඇත.පොලිසිය සැක කරන්නේ මෙම දැරිය 29දා උදෑසන 6ට පමණ ළිඟට පැන ඇති බවයි.ළිඳෙන් ගොඩගත් දැරියගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට පුත්තලම නාගරික හදිසි මරණ පරීක්ෂක එච්. එම්. විජය සමරතුංග මහතා කරුවලගස්වැව පොලිසියට නියෝග කළේය.
දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ
පෙම්වතා බව කියන 17 හැවිරිදි තරුණයා කරුවලගස්වැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධව කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව අලවත්ත, කරුවලගස්වැව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. එච්. එම් පේ‍්‍රමදාස මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.
අමරනන්ද විජේසේකර - මහවැව
0 Comments