කෝවිඩ් වෛරසය මෙරට පුද්ගලයන්ට වැලඳීම ආරම්භ වූ දින සිට මේ මාසය දක්වා කාලය තුළදී කර්මාන්තශාලාවල සේවය කළ සේවකයන් 150,000කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී තිබෙන බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය සඳහන් කරයි. මේම පිරිසෙන් වැඩි පිරිසක් ඇඟලුම් ආයතනවල සේවය කළ පිරිස් බවත්, මෙම පිරිස් සැලකීමේදී කොටසක් අදාළ ආයතන විසින් සෘජුවම ඉවත් කර තිබෙන බවත් එම සංගමයේ  සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.මීට අමතරව සේවකයන්ට ලබාදුන් සහන කප්පාදු කිරීම නිසා තවත් පිරිසක් සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද සමලේකම්වරයා පවසා සිටියේය.ක

ෝවිඩ් තත්වය තුළ සේවකයන් ඉවත් කර හා සේවකයන් ඉවත් වන තැනට වැඩකටයුතු කර ඉතිරී සේවකයන්ගෙන් විශාල වැඩකොටසක් ලබා ගැනීම නිසා ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළව නිෂ්පාදන කටයුතු මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම නිසා ඇඟලුම් ආදායමද ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.සේවකයන්ට විවිධ ආයතන විසින් ලබාදුන් ආහාර හා ප්‍රවාහන පහසුකම් කෝවිඩ් තත්වය හේතුවෙන් අහිමි කළ බවත්, ආදායම් ඉහළ ගියද සමහර ආයතන අහිමි කළ වරප්‍රසාද නිසි ලෙස තවමත් ලබානොදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

කෝවිඩ් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබෙන සේවකයන් වෙනුවෙන් හා සේවය අතහැර ගොස් සිටින සේවකයන් පිළිබඳ සොයා බැලීමක් සිදු කර සාධාරණයක් සිදු කළ යුතු සාධාරණයක් සිදු කළ යුතු බවද ඇන්ටන් මාකස් මහතා පවසා සිටියේය.

( ඉන්දික හේවාවිතාරණ)