31st-night-tv-shows

2021 වසර නිමා කරමින් 2022 වසරට පිවිසෙන අද දින රාත්‍රිය සියලුම රූපවාහිනී නාලිකාවල විශේෂ වින්දනීය වැඩසටහන් ඉදිරිපත් කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ. එම ප්‍රධාන නාලිකාවන්හි පූර්ව ප්‍රචාරයන් අනුව අද රෑ ඉදිරිපත් කරන්නට යන්නේ මොනවාදැයි අපි විමසීමක් කළෙමු.


ඒවා පහතින්

ස්වර්ණවාහිනී (Swarnavahini)
Dialog රිදී රැයක් දෙසැම්බර් 31 රාත්‍රී 9.00 සිට ස්වර්ණවාහිනියෙන් ඉදිරිපත් කරන්නට සියලු කටයුතු සූදානම්ය.සිනෙස්ටාර් පදනමේ දායකත්වය ඇතිව දිගු කලක් පුරා සිනමා තාරකාවන් සමග වාර්ෂිකව ගෙන ආ සිනමා ගීතාවලියක් නර්තන අංග හා සිනමා තාරකාවන්ගේ සහභාගීත්වයෙන් මෙහි ඇතුළත්ය.

ජාතික රූපවාහිනිය (Rupavahini)

The News එක්ක සුපිරි සංගීත තරු පිරිවරාගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නවමු අත්දැකීමක් සමගින් 31 රාත්‍රී 9.15 ට කැලණි පාලම බලන්න..යනුවෙන් පූර්ව ප්‍රචාරණයක් සිදු කර ඇත. පසුගියදා විවෘත කරන්නට යෙදුණ නව කැලණි පාලමේ ආලෝක ධාරා සමග පවත්වන සංගීත ප්‍රසංගයක් මෙහිදී ඉදිරිපත්වේ.



දෙරණ (TV Derana)

දෙරණ 31රෑ "සමරමු" අංක එකේ වින්දනය රාත්‍රී 9.00 ට යනුවෙන් ඩයලොග් අනුග්‍රහයෙන් පවත්වන ප්‍රාසාංගික අත්දැකීමක් මෙවර ටීවී දෙරණ ඔබ වෙත සමීප කරන්නට නියමිතය.

හිරු ටීවී (Hiru TV)
‘හිරු සිහින රැයක් With LUX අද රාත්‍රී 7.30 සිට හිරුත් එක්කම ඉන්න... 31 රෑ අසමසම රූ මේලාව, ටෙලි - සිනමා - මියැසි සුපිරි සිහින තරු පිරිවරා
අතිදැවැන්ත ප්‍රසාංගික වේදිකාවක් මත මැවෙන 2021 වර්ෂ අවසාන සාදවත් සැමරුම‘ ලෙසින් මෙවර හිරු ටීවී 31 රාත්‍රි වැඩසටහනට පූර්ව ප්‍රචාරයක් සිදු කර තිබේ.

ස්වාධීන රූපවාහිනිය (ITN)
"ආසියානු තරු පලස"  𝗔𝘀𝗶𝗮 𝗦𝘁𝗮𝗿 𝗚𝗮𝗹𝗮 ⭐යනුවෙන් රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉදිරිපත් කරන විශේෂ වැඩසටහනක් 31 රාත්‍රිෙය් ස්වාධීන රූපවාහිනිය ගෙන එන්නට නියමිතය.



සියත ටීවී (Siyatha TV)
‘සියත 31 රෑ වායෝ එක්ක...අද තමා දවස‘ ලෙසින් පූර්ව ප්‍රචාරයක් සිදු කර ඇති අතර මෙහිදී වායෝ සංගීත කන්ඩායමේ ප්‍රසංගයක් අද ඉදිරිපත් කරන්නට සූදානම් කර ඇත.

සිරස ටීවී (Sirasa TV)
ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ පළමු ප්‍රදර්ශනය LAXMII හින්දි චිත්‍රපටය දෙසැ 31 රාත්‍රී 10.30 ට විකාශය වන බව සිරස දන්වා තිබේ. ඒ අනුව මෙවර සංගීත අංග හෝ වෙනත් ප්‍රාසාංගිත කිසිවක් සිරස මෙවර සංවිධානය කර නැති අතර චිත්‍රපටයක් විකාශය කරනු ඇත.