පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනාව සදහා පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කළ බව සමාජ මාධ්‍ය තුළ ඡායාරූප සහිතව වාර්තාවූ අතර ඒ සඳහා වියදම ඔහු විසින් දැරූ බව පසුව අගමැති කාර්යාලය දන්වා තිබුණි.
blue Embraer Legacy 600 business jet වර්ගයට අයත් මෙම ගුවන් යානය ව්‍යාපාරිකයකු විසින් ලබා දුන්නක් බව කියැවුණත් නමක් ගමක් ගැන වැඩි විස්තර හෙලි කර තිබුනේ නැත. අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මේ ගැන අද දින පළවූ ‘දමෝර්නිං‘ පුවත්පතට අදහස් දක්වා තිබේ.
“අගමැතිතුමාගේ යාළුවෙක් එයාගේ තිරුපති ගමනට ඒ ගුවන් යානය එයාට නොමිලේ දුන්නා. ඔහු නම හෙළි කිරීමට අකමැති ඉන්දීය ව්‍යාපාරිකයෙකි. ඔහු අග්‍රාමාත්‍යවරයාගේ මිත්‍රයෙකු වන අතර එය සුහදතාවයේ ඉඟියක්” යැයි ඔහු පැවසීය.
දෙසැම්බර් 23 වැනි දින වන්දනා චාරිකාව සඳහා ඔහුගේ පෞද්ගලික දෙදින සංචාරයට තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ‘බ්ලූ එම්බ්‍රේර් ලෙගසි 600ං ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඡායාරූප සමාජ මාධ්‍ය සහ ප්රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ලෙස සංසරණය වීමෙන් පසුව ජෙට් යානය හිමිකරු විසින් කිසිඳු අයකිරීමකින් තොරව ලබාදී ඇති බව ප්‍රසිද්ධ කරන ලදි.
අන්තර්ජාලයේ ඇති තොරතුරු වලට අනුව, Legacy 600 හි සාමාන්‍ය පැයක කුලී ගාස්තුව පැයකට USD 6,700ක් පමණ වේ.
T7-JSG නමැති මෙම යානය ගැන සොයා බැලීමේදී එය කුඩා යුරෝපීය රාජ්‍යයක් වන San Marino හි ලියාපදිංචි වී ඇති Legacy 600 JetSetGo Aviation Services ට අයත් ගුවන් යානා වලින් එකකි.
මෙය ධනවත් පුද්ගලයින්ට පුද්ගලික ගුවන් යානා කුලී සේවා සපයන ඉන්දියානු සමාගමකි. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ආයෝජකයෙකු ලෙස එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සිටීමද විශේෂත්වයකි.
සටහන් වලට අනුව, T7-JSG අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට දෙසැම්බර් 16 වන දින රත්මලාන ගුවන් තොටුපළට පැමිණියේ 23 වනදා අගමැතිගේ සංචාරය පිණිසය. යානය පිටවනතුරු පැවති ස්ථානය ගැන සාක්ෂි නැත.
දෙසැම්බර් 23 වැනි දින අග්‍රාමාත්‍යවරයා සමඟ යානය රත්මලානෙන් තිරුපති බලා පිටත් විය. ඉන් අනතුරුව, එම යානය එදිනම නවදිල්ලි නුවර බලා පිටත් වී ඇති බව දත්ත පෙන්වා දෙයි.
0 Comments