Guy-who-tried-to-kill-his-girlfriend-because-could-not-come-to-Dubai

ඒ පසුගිය මාසයේ (නොවැම්බර්) 21 වැනිදා රාත්‍රියයි. එදින රාත්‍රී දහය පමණ වන විට මොරටුමුල්ලේ පදිංචි ගයනි හොදින් ඇඳපැළඳ නිවෙසින් පිටවන්නේ සැමියාට  හොර රහසේ විය යුතුය. රාත්‍රී දහයට ආසන්න වෙද්දී ඇය සිටියේ පානදුර, මහානාම පාසල අසලය. ඒ... සිය අනියම් පුරුෂයා වන සළිඳු මල්ෂිතගේ පණිවුඩයකට අනුවය. ඔහු සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බව කියයි. එහෙත් ඇත්තටම ඔහු සිටින තැන දන්නේ ඔහුම පමණි. නමුත් ඩුබායි රාජ්‍යයට ඇයටද එන ලෙස දිගින්දිගටම ඇරියුම්  ලැබෙන්නට වූයේ ඒ සඳහා වන සියලුම වියහියදම හා අනෙකුත් අවශ්‍යතා සියල්ලම සපුරන බවට සඵත කරමිනි. එහෙත් ඇය ඊට එකග වූයේ නැත.දරු දෙදෙනකුගේ මවක් වන නිසා ඇයගේ නිගමනයට අනුව දරුවන්ගේ පියා සිය විවාහක සැමියා වන නිසාත් විය යුතුය.

නමුත් සළඳුගේ සිතේ ඇය කෙරෙහි තිබු  ආදරය අඩු වූයේ නැත.

ඒ හෙතුවෙන්ම  ඔහු ඇයට ජීවත්වීමට අවශ්‍ය බාහෝ දෑ ලබාදෙන්නට කටයුතු කළේය.ඒඅතර අයිස් මත්ද්‍රව්‍යයද විය.එදිනද ඇය පානදුරේ මහානාම විද්‍යාලය අසලට යන්නේ සලිදු  එවන එවැනී යමක් හෝ අයිස් මත්ද්‍රව්‍ය ටිකක් ලබා ගැනීමේ අරමුණ ඇතිවය. මේ ගමනට ඇය දන්නා හඳුනන තරුණ පිරිමි ළමයකුද එක්කරගෙන සිටියේය.දුලාන් නම්වූ ඔහුද මත්ද්‍රව්‍ය වයට ඇබ්බැහිවී සිටි අයකී. එක අත්තේ වසන්නේ එක ජාතියේකුරුල්ලන් යැයි කියන්නා සේ ගයනිට එක්ව සිට විශ්වාසවන්ත මිතුරාද හොඳ  කූඩ්ඩකු විය. දෙදෙනා පානදුරේට යන්නේ කුලියට ගත් ත්‍රිරෝද රථයකිනි.එය පදවන්නේ මැදිවියට එලැඹ සිටින රියැදුරෙකි.එම ස්ථානයට ගිය ඇය ත්‍රීරෝද රථයෙන් බැස සළඳු කී ස්ථානයට යන අතර ත්‍රීරෝද රථය මාර්ගය අනෙක් පස නවත්වා තිබිණි. ඇය ත්‍රීරෝද රථ  රියදුරාටත්, තනියට පැමිණී දුලාන්ටත් පවසා තිබුණේ තමන් පැමිණෙනතුරු එම ස්ථානයේ සිටින ලෙසය.

වේලාව රාත්‍රී දහය පසුවී විනාඩි හතරක්ගත වෙනවාත් සමගම ඇය  අසල යතුරු පැදියක් නතර කැරිණී, එහි සිටි දෙදෙනාම කළු ජැකට් හැඳ මුහුණ වැසෙන්න හෙල්මට් පැළඳසිටි අතර ඔවුන් කවුරුන්දැයි පුද්ගලයන් වශයෙන් හඳුනාගන්නට ගයනිට හැකි වුයේ නැත,එහෙත් මේ තම පැරැණි පෙම්වතාගේ ගෝලයන් වියයුතු බව වටහා ගන්නට ඇයට අපහසු වූයේ නැත, ඒ පෙම්වතාගේ ගෝලබාලයන් ගැන පෙර කාලයේ හොදින් දැන සිටි නිසාය.  තව තත්පර කිහිපයකින් තමා අතට පත්වන අයිස් පාර්සලය  හෝ නැතිනම් මුදල් පාර්සලය හෝ එසේ නැතිනම් තෑගි පාර්සලය ගැන සිතන ගයනි දුටුවේ යතුරු පැදියේ පිටුපස අසුනේ පැමිණී අය ඉන්බැස තමා අසලට එන අයුරුය. ඔහුගෙ ගමන සුහදශීලී එකක්  නොවන බව ඇයට වැටහිනි. ඒ ඇසිල්ලේ ඇයගේ නෙත ගැටුණේ එම පුද්ගලයා කඩුවක් වැනි තියුණු ආයුධයක් අමෝරගෙන තමා වෙත කඩාපනින අයුරුය.

දුටුදෙයින් භීතියට පත් වූ නමුත් ඇයට කරකියා ගන්නට දෙයක් තිබුණේ නැත.  මේ කඩුකාරයන්ගෙන් මිදී පලායැමට ඇය උත්සාහ කළාය. හැකි ඉක්මනින්  එතැනින් දිව යන්නට ගියද මේ ප්‍රවේගකාරී පුද්ගලයා අසල ඒ ප්‍රයන්තය  පුස්සක්ම විය. ඇය පසුපස ආ එම පුද්ගලයා අත වූ කඩුවෙන් ඇයට දිගට හරහට පහර දෙන්නට වුයේ සංවිධානාත්මක අපරාධ කල්ලිකාරන් සිය විරුද්ධ පාර්ශවිකයන් ඝාතනය කිරීමට ක්‍රීයාකරන විලාසය විදහා පාමිනී.  මේ බව දුටු ත්‍රිරෝද රථ රියැදුරා එම ස්ථානයෙන් පලායන අතරසහායට පැමිණීතරුණයා පහරදීම සිදුවන  ස්ථානය අසලට එ සිය ජීවිතය ගැනවත් නොසිතමිනි. ඔහු සිය මිතුරිය  බේරාගන්නට උත්සාහ කරද්දී කඩු කාරයා යතුරු පැදියේ පිටුපස අසුනට ගොඩවන අතර වේගයෙන් ඵම ස්ථානයෙත් පලා ගියහ.  එකපිට එක එල්ල වූ කඩු පහරවලින් ගීතිකා අඩපණ වෙද්දී කඩුකාරයා පලායන අතර තනියට ගිය හිතමිතුරා ඇය අල්ලා වන්තන් කරගෙන රෝහලට රැගෙන යැමට කටයුතු කළේය.



ඒසඳහා වාහනයක් සොයා ගැනීමද ඔහුට අපහසු වන්නට ඇත.ඒ තමන් පැමිණි ත්‍රීරෝද රථය පලාගිය නිසාත් රාත්‍රිය බැවින් පාරේ එතරම් වාහන එහා මෙහා නොයන නිසාත් විශේෂයෙන්ම ලේ ගලන තුවාල සහිත අයකු වාහනයට නංවා ගැනීමට බොහෝ රියැදුරන් අකමැති නිසාත්ය. පානදුර රෝහලට ඇතුලත් කරුණ ඇයගේ තත්වය බරපතලය. මූලික ප්‍රතිකාර ලබා. දීමෙන් අනතුරුව ඇය කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට රෝහල් නිලධාරීහු කටයුතු කළහ. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ පානදුර දකුණ පොලිසිය මුලින්ම අල්ලා ගන්නේ ගයනි සමග සිටි දූලාන්ය. ඒවනවිට කළුතරඅපරාධ කොට්ඨාසය ද විමර්ශන ආරම්භකොට සැකපිට තරුණයකු අත්අඩංගුවටගෙන තිබිණි. ඔහු ඩිලාන් සමීර නොහොත් අබබාය.  අබ්බා අත්අඩංගුවට ගෙන ඇති බව ඒවන විට  කිසිවකු දැන සිටියේ නැත. විශේෂයෙන්ම දුලාන්ට ඒ බව දැනගැනීමට කිසිම ක්‍රමයක් තිබුණේ නැත. ප්‍රශ්න කිරීමේදී දුලාන් වසා තිබුණේ ගයනිට පහරදුන් පුද්ගලයා පැමිණි යතුරුපැදිය පැදවුයේ අබ්බා බවයි.   කළුතරඅපරාධ කොට්ඨාසය අබ්බා අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකපිටය. එහෙත්  ඔහු පවසන්නේ තමන් ඊට කිසිසේත්ම සම්බන්ධය නැති බවත් ගයනි සහ තමන් අතර ප්‍රේම සම්බන්ධටත් තීබෙන බවත්ය.

ඔහු එලෙස පැවසුවද දුලාන්ගේ කටඋත්තරයත්, පොලිසීයේ සැකයත් සැසඳුණ බැවින් මොහු  ගයනිට පහරදුන් සිද්ධියේ සැකකරුවකු බවට හඳුනාගැනිණි. මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ පානදුරේදීය.එ ලැබුණ තොරතුරකට අනුවය.  එම තොරතුර වුයේ මොහු ගයනිගේ දුකසැප සොයාබැලීම සඳහා කොළඹ ජාතික රෝහලට යැමට සුදානම්ව සිටින බවයි.  මොහුගේ ගමනේ අරමුණ වී තිබුණේ ඇයගේ සුවදුක් විමසීමට වඩා වටපිටාව කෙලසදැයි සොයාබැලීමය.  එනම් ඇය පොලිසියට පවසා ඇත්තේ මොනවාද,යතුරු පැදියේ පැමිණි දෙදෙනා ගයනී විසින් හඳුනාගත්තා ද ආදී තොරතුරු සොයා බැලීම ඔහුගේ අවශ්‍යතාව වී තිබුණේ සළිඳුගේ වුවමනාවට අනුවය. මොහු ඇත්ත වශයෙන්ම ගයනි හා  සම්බන්ධයක් තිබුණානම් ඇයගේ දුක සැප බැලීමද මේ ගමනේ එක් අවශ්‍යතාවක් වන්නට ඇත. වර්ථමානයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් අතර ලාබාලතම පුද්ගලයා  සළිඳු මල්ෂිතය.තවමත් 26වැනි වියේ  පසුවන මොහු විවාහකයෙකි. මේ වනවිට මොහු විදේස් ගතව සිටින්නේ කසාදය අතහැර දමාය. මොහු මෙරට සිටි අවධියේ මේ කසාදය අත හැරෙන අතර ගයනි සමග අනියම් ඇසුරක පැටලෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම නිසාය.ඒ. 2019වර්ෂයේදීය.

මොරටුව.එගොඩ උයන පදිංචි ගයනි හොඳ අධ්‍යාපනයක් ලැබූ රුමත් කාන්තාවකි, එක්දරු මවක වන ඇය උසස්පෙළද සමත්ව  සිටින අතර ධර්මාචාර විභාගයෙන් පෙනී සිටී වර්ෂයේ දෙවැනියා බවට පත්ව තිබිණි. එතරම්දැන උගත්කම් තිබුණත් ඇය විවාහවී සිටියේ මත්ද්‍රව්‍ය වගට ඇබ්බැහි වූ අයකු සමගය. වඩු මඩුවක ලී පොලිෂ් කරන්නකු ලෙස රැකියාව කරන ඔහු දිනකට උපයන මුදල ඔහුගේ දෙනික කුඩු අවශ්‍යතාවටද මදීය.ඇය සළිඳු හඳුනා ගන්නේද සැමියාගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නීසාය.  පසුව ඇය සළිඳුගේ අනියම් බිරිය වනවා සේම මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකාවක්ද වූවාය. ඇයට දෙවැනි දරුවා ලැබෙන්නේ ඔය අතරය.  ඒදරුවාගේ පිය උරුමයට අයිතිවාසිකම් කියන්නට සළිඳු ඉදිරිපත්  වුවත් ඇය පවසන්නෙ දරුවා තම නිත්‍යනුකූල සැමියාගේ බවයි. දරුවා කාගේදැයි සොයා බැලීම සඳහා ඩී.එන්.ඒ,පරික්ෂණයද සිදුකළ බව දැනගන්නට ඇත. ඒ බව සනාථ වී නැත.ඒඅනුව  වැටහෙන එක කරුණක් වන්නේ සළිඳුට දරුවකුගේ දැඩි අවශ්‍යතාවක් තිබි ඇති බවයි. මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී ඇය අයිස‍ෙපානයට ඇබ්බැහි වුවාය. ඒ හේතුවෙන ඇයට  මෙම ජාවාරම දිගින්දිගටම කරගෙන යැමට සිදුවූ අතර ඇය මත්ද්‍රව්‍ය තොගයක් සමග මොරටුව පොලීසියට කොට වුවාය.

පසුව ඇප මත මුදාහැරෙන ඇයට ඒවෙනුවෙන් මහාධිකරණයේ නඩුවද පවතී. වසර කිහිපයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන ගිය සළඳු ප්‍රථම වරට මනුෂ්‍ය ඝාතනයක් කරන්නේ මෙම වර්ෂයේ ජනවාරී මස 25 වැනිදා වැනිදා පානදුරේදීය.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින්සිටි අයකු ඉලක්ක කොට යතුරු පැදියකින් පැමිණි අයකු ටී - 56 අවියකින් වෙඩි තබන අතර වෙඩි පහරට ගොදුරු වූ අය එතැනම මිය ගියේය.   මේ ඝාතනය සළිඳු විසින් කරවනු ලැබු බවට  තොරතුරු ගලා යද්දී ඔහු සොයා  පොලිසිය ක්‍රියාත්මක විය. එවිට දැනගන්නට ලැබුණේ ඔහු මව්පියන්ද සමග ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බවයි. එම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කොටගෙන සිදුවූවක් බව පසුව තහවුරු විය.  ඔහු එලෙස මෙරටින් පිටවන්නේ අනියම් බිරියටද පැමිණෙන ලෙස ඇරියුම්කරමිනි. ඇය, ඔහුගේ ආරාධනය ප්‍රතික්ෂේප කළ අතර මේ හේතුවෙන් දෙදෙනා අතර පැවැති සම්බන්ධයද ටිකෙන් ටික දුරස් වන්නට පටන්ගත්තේය. එහෙත් ඉඳහිට හෝ  ඇයට තැග්ගක් එවීමට අයිස් ටික ලබාදීමට සළිඳු කටයුතු කරන්නට ඇත්තේ ඇය කෙරෙහි වූ ඇලීම නිසාම වියයුතුය.  පානදුරේ දී වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ නමුත් වෙඩිකරු තවම නිදැල්ලේය.ඒ මෙම වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු ද ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින නිසාය.වෙඩිතැබීමට උපයෝගී කරගත් ටී - 56ගිනි  අවිය පසුව සොයාගැනිණි.  සළිඳුගේ අවශ්‍යතාව මත දෙවැනී ඝාතනය සිදු කරන්නේ එම වසරේ මැද භාගයේදීය. ඝාතනය වන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටි තරුණයෙකි.චෝදනාව සළිඳුගේ නිවසේ දොර ජනේල් රෙදි සොරකම් කිරීමයි.


මෙම ඝාතනය සඳහා සළිඳුගේ ගෝලබාලයන් පස්  දෙනකු සහභාගී වී තිබිණි. පොලුවලින් පහරදී එම තරුණයා මරා දැමුණු අතර සැකකරුවන් 4දෙනෙකු පසුව අත්අඩංගුවට පත්වූහ, ප්‍රධාන සැකකරු ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටීම නිසා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.  මෙලෙස මනුෂ්‍ය ඝාතන සිදුකළ ළගම මිතුරන් සළිඳු සමග ඩුබායි රාජ්‍යයේ කල් ගෙවන බැවින් වර්ථමානයේ සළිඳුගේ මෙරට ළගම ගෝලයා වුයේ අබ්බාය. ඔහු ගයනිට පහරදීමේ වගකීම අබ්බාට පවරනේ ඒ නිසාය. එහෙත්... අබ්බා පවසන්නේ තමා ගයනි සමග පෙමින් වෙලී සිටින බැවින් ඇයට එවැනි කරදරයක් කිරීමට ඉදිරිපත් නොවුබවයි.  කෙසේ වෙතත් සංවිධානාත්මක අපරාධ කල්ලි කාරයන්ගේ ආදරය වෙරීභාවයකින් යුක්ත බව මෙ පහරදමෙන් මනාව වැටහේ.දැත්, හිස හා කලවාවලට එල්ල වූ තියුණු කඩු පහර හේතුවෙන්  ගයනි තවමත් සිටින්නේ රෝහලේ නෙවාසිකවය.


ගයනි කපා කොටා දමන ස්ථානය අසල  සී.සී.ටී.වී,කැමරා තිබී ඇත, ඒවායේ රුගත  දර්ශනවලට අනුව කඩුකාරයා පහරවල් එල්ල කරන්නේ මරාදමන්නට තරම් තදින් නොවන බවක්  පෙනෙන්ට ඇත.  සාමාන්‍යයෙන් අඹුසැමියන් අතර හෝ පෙම්වතුන් අතර හෝ අනියම් යුවළක් අතර හෝ ඇතිවන ගැටුම් වලදී ඝාතනයක් වුයේනම් ඒ තමාගේම විරුද්ධ ලිංගිකයා අතිනි. එහෙත්, සංවිධානාත්මක අපරාධකලිකාරයන් පෙම් පලහිලව්වලදී පළිය ගන්නට යොදවන්නේද සිය සගයන් වීම පුදුම සහගතය.  සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ට වැඩි ආයුෂ නැති බව වර්ථමානයේ සිදුවන ක්‍රියාකාරකම් වලින් පැහැදිලිය. එක්කෝ කල්ලි කල්ලි  අතර ගැටුමකින් අකාලයේ පරලොව යයි.එසේත් නැත්නම් පොලිස් හෝ එස්.ටී.එෆ් ප්‍රහාරයකට  ගොදුරු වේ.මේ ක්‍රමවලින් නොමැරෙන අපරාධ කාරයන්ට දඬුවම් දීමට ස්වභාදම් මෑනියන්ද පසුබටවන බවක් පෙනෙන්නට නැත. අඩුම තරමින් පපුවේ අමාරුවකින් හෝ එවැන්නන් මිය න්නේ අපරාධයක් කොට බසදාකාලිකය සැගවී සිටීමට  නොහැකී යැයි කීයමන සාක්සාත් කරමිනි.


-තක්ෂිලා ජයසේකර--