Mercmarine-Training

O/L, A/L ඉවර කරපු ඕනෑම යෞවනයෙක්ගේ හීනය තමයි තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුඵවන් හොඳ ආදායමක් ලැබෙන, ගෞරවණීය රස්සාවක් හොයා ගන්න එක. ඒත් දැන් දැන් ලංකාව ඇතුලේ මේ විදියේ අනාගතයක් ගොඩ නගා ගන්න එක ගැන තරුණ පරපුරට තියෙන විශ්වාසය අඩු වෙමින් යන බවක් පේනවා. පාස්පෝට් කන්තෝරුව ඉස්සරහා දිග පෝළිම් අපි පහුගිය ටිකේම දැක්කා.
ඇත්ත. අපි තාමත් හැමෝටම සමාන අවස්ථා ලැබෙන දියුණු රටක් නෙවෙයි. සාමාන්‍ය මධ්‍යම පන්තියේ තරුණයෙක්ට සාර්ථක වෘත්තීය ගමනක් තෝරා ගෙන ජීවිතය ජයගන්න පු`ඵවන් කියන එක ගැන ඒ තරම් විශ්වාසයක් තියා ගන්න අමාරුයි. ඒත් අපිට තියෙන වෘත්තීයමය අවස්ථාවන් සියල්ලම ගැන අපි හරියට දැනුවත්ද ?


වෙළඳ නාවික වෘත්තිය එහෙම නැත්නම් කවුරුත් දන්න විදියට සීමන් රැකියාව කියන්නේ නොදැනුවත්කම නිසා බොහෝ තරුණ තරුණියන්ට මඟ හැරෙන ක්ෂේත්‍රයක්. ඔව්, කලින් කීව විදියට වෙළඳ නාවික වෘත්තිය කියන්නේ ලෝකය පුරා සංචාරය කරමින් යෞවනය හොඳින්ම විඳින අතරම ඩොලර්වලින් හම්බ කරමින් ජීවිතය ගොඩ දාගන්න පු`ඵවන් හොඳම ඔප්ෂන් එකක්. මේ ගැන කථා කරන්න හොඳම එහෙම ජීවිතය ගොඩ දාගත්ත කෙනෙක්මයි.
වැඩිදුර විස්තර සඳහා 0771 216773 අමතන්න. නැතිනම් අයදුම් පත්‍රය මෙතනින් පුරවන්න. අපි ඔබ හා සම්බන්ධ වෙන්නම්.

 ජනිත වික්‍රමසිංහ කියන්නේ එහෙම ජීවිතයේ හරි තැනදි හරි තීරණය අරන් වෙළඳ නාවික වෘත්තියට සම්බන්ධ
වෙලා ජීවිතය ගොඩා දාගත්ත අපූරු තරුණයෙක්. තාමත් 28 හැවිරිදි ජනිත, වයස අවුරුදු 23 දී  මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනයේ (Mercmarine Training) කේටරින් රේටින් පාඨාමාලාව සාර්ථකව අවසන් කරලා පළමු වරට 2015 දී නැවි නඟිනවා. මේ ලියන මොහොතෙදීත් ජනිත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ චීනයේ ඉඳන්.


''කාලෙකට කලින් මමත් බොහෝ තරුණයන් වගේ ජීවිතේ ගොඩ යන්න හීන දකිමින් හිටිය කෙනෙක්. මගේ වාසනාවකට රේටින්ග් කෙනෙක් විදියට වෙළඳ නාවික ක්ෂේත්‍රයට එකතු වෙන්න තියෙන අවස්ථාව ගැන මට දැන ගන්න ලැබුණා. 2015 දී මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනයේ කේටරින් රේටින් පාඨමාලාව හදාරපු මට වැඩි කල් නොගොස්ම නෞකාවක සේවයට එක් වෙන්න ලැබුණා. ඒ දවස මම තාමත් ආදරෙන් සිහිපත් කරන දවසක්”ජනිත් තමන්ගේ ආරම්භය ගැන කථා කලේ එහෙම.
''මේ රැකියාවෙන් මට ලැබුණු පළමු දේ තමා ආර්ථික ස්ථාවරත්වය. ඇත්තටම මම අවුරුදු 28 වන විට මගේ අනාගතයට ශක්තිමත් අඩිතාලමක් දා ගන්න පු`ඵවන් වෙලා තිබෙනවා, මේ රැකියාව නිසා. අනිත් අතට මගේ රැකියාව ගැන මම වඩාත්ම තෘප්තිමත් වෙන්නේ මම ලබා තිබෙන අත්දැකීම් ගැන හිතන විටයි. ලෝකයේ විවිධ රටවලින් ආ අය සමඟ එකට වැඩ කරමින් ලෝකය පුරා සංචාරය කරමින් මම දැනටම ලබා තිබෙන අත්දැකීම් ප්‍රමාණය අති විශාලයි”
වැඩිදුර විස්තර සඳහා 0771 216773 අමතන්න. නැතිනම් අයදුම් පත්‍රය මෙතනින් පුරවන්න. අපි ඔබ හා සම්බන්ධ වෙන්නම්.

සාමාන්‍ය වෙළඳ නෞකාවක සේවක මණ්ඩලය නිලධාරීන් සහ රේටින්වරුන් (Ratings) විදියට කොටස් දෙකකට බෙදෙනවා. මෙතනින් රේටින්ග්ස් කියලා හඳුන්වන්නේ දක්ෂතා මත පදනම් වූ රැකියා කරන බ්ලූ කොලර් වශයෙන් හඳුන්වන කාණ්ඩයට අයත් වෙන සේවකයින්. රේටින් කෙනෙක් වෙන්න අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්ව තිබීම පමණක් ප්‍රමාණවත්.
ඉංජිනියරින් රේටින් (Engineering rating), ඩෙක් රේටින්  (Deck rating) සහ කේටරින් රේටින් (Catering rating) වශයෙන් රේටින්වරුන් කොටස් තුනකට බෙදෙනවා.

ඉංජිනියරින් රේටින් කියන්නේ කාර්මික දැනුම යොදා ගෙන, නෞකාවේ ප්රධාන ඉංජිනේරුවන්ට සහය වෙමින්, එංජින් කාමරයේ වැඩ කරන සේවකයින්ට. ඉංජිනියරින් රේටින් වෘත්තිය ගැන වැඩිදුර විස්තර මෙතනින් බලන්න පු`ඵවන්.

ඩෙක් රේටින්වරුන්ගේ කාර්යභාරය වෙන්නේ ඩෙක් නිලධාරීන්ට සහය වෙමින්, නෞකාව මෙහෙයවීමේ කටයුතු කිරීමයි.  ඩෙක් රේටින් වෘත්තිය ගැන මෙතනින් කියවන්න පු`ඵවන්.

කේටරින් රේටින්වරුන් කියන්නේ නෞකාවේ මු`ඵතැන්ගෙය සහ කෑමබීම සම්බන්ධයෙන් කටයුතු කරන සූපවේදීන්. කේටරින් රේටින් වෘත්තිය ගැන මෙතනින් කියවන්න පු`ඵවන්.


සාමාන්‍ය රේටින්වරයෙක් විදියට මුලින් නැවි නගින විට වැටුප ඇමෙරිකන් ඩොලර් 800  පමණ වෙනවා. එතනින් ඉස්සරහට අත්දැකීම සහ පරිණත බව වැඩි වෙන විදියට රේටින්වරයෙක්ට ඇමෙරිකන් ඩොලර් 2500 ක් පමණ දක්වා ඉහළ වැටුපක් ලැබිය හැකියි. නාවික රැකියාවේ තියෙන තවත් වාසියක් තමා වසරකට මාස කිහිපයක් එක දිගට සේවය කර ඉතිරි මාස ගණනාවම තමන්ගේ පවුල සමඟ නිදහසේ ජීවිතය විඳීමට ඇති අවස්ථාව.


''රේටින්වරයෙක් විදියට රැකියාව කරන කෙනෙක්ට ඉතා දීර්ඝ හා සාර්ථික වෘත්තීය ගමනක් යන්න අවස්ථාව තියෙනවා. ඩෙක් රේටින්, ඉංජිනියරින් රේටින් හෝ කේටරින් රේටින්, මේ මොන වෘත්තිය වුණත් නැවෙන් ගොඩ බැස්ස දවසක ගොඩබිම ඉඳන් කරන්න පුඵවන් රැකියා අවස්ථා ගණනාවක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනයේ අධ්‍යාපනය ලබන කේටරින් රේටින්ග් කෙනෙක්ට ලෝකයේ ඕනෑම හෝටලයකට සූපවේදියෙක් වශයෙන් වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඩෙක් රේටින්ග්, ඉංජිනියරින් රේටින්වරුන්ටත්. රේටින්ග්වරයෙක් විදියට වෘත්තීය ගමන ආරම්භ කරලා අද වනවිට ලංකාව වගේම යුරෝපය, කැනඩාව හා ඕස්ටේ්‍රලියාව වැනි රටවල පවා ඉතාම ඉහළ තැනක ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා”
වැඩිදුර විස්තර සඳහා 0771 216773 අමතන්න. නැතිනම් අයදුම් පත්‍රය මෙතනින් පුරවන්න. අපි ඔබ හා සම්බන්ධ වෙන්නම්.
 මෙහෙම කියන්නේ 1998 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා සරසවි යන්න වරම් ලැබිලත්, ඒ වෙනුවට වෙළඳ නාවික ක්ෂේත්‍රයේ සූපවේදියෙක් වශයෙන් වෘත්තීයමය ජීවිතයක් ආරම්භ කරපු පුෂ්පලාල් මදනායක මහත්මයා. මදනායක මහත්මයා අවුරුදු 10 ක් පුරාවට වෙළඳ නැව්වල සූපවේදියෙක් වශයෙන් සේවය කර, ලෝකය පුරා රටවල් 54 කට අධික ප්‍රමාණයක සංචාරය කරමින් විශාල අත්දැකීම් සම්භාරයක් ලබා, වර්තමානයේදී තමන් අධ්‍යාපනය ලැබූ මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනයේම කේටරින් පාඨාමාලාව මෙහෙයවන ආචාර්යවරයායි.
මදනායක මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකික තාරුණ්‍යය වඩාත් වැඩියෙන් වෙළඳ නාවික වෘත්තීන් සම්බන්ධයෙන් උනන්දු විය යුතු බවයි. ශ්‍රී ලාංකිකයින් සමස්තයක් වශයෙන් දක්ෂතාවය, විනය හා වෘත්තියමයබව නිසා ජාත්‍යන්තරය තුළ හොඳ නමක් දිනා ගෙන තිබෙනවා. ඒ නිසා වෙළඳ නාවික වෘත්තියක් තෝරා ගැනීම හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සාර්ථික ජාත්‍යන්තර වෘත්තීය ගමනක් සඳහා ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා.

පිලිපීනය කියන්නේ ලෝකයේ වෙළඳ නාවික වෘත්තිකයින් වැඩිම ප්‍රමාණයක් බිහි කරන රටක්. පිලිපීනයට විදේශ විනිමය ගෙන ඒමට මේ වෙළඳ නාවික වෘත්තිකයින් විශාල කාර්යභාරයක් කරනවා. වෙළඳ නාවික වෘත්තියට එක වීම හරහා ඒ දෙයම කිරීමට අවස්ථාව අපේ තරුණ තරුණියන්ටත් තිබෙනවා.
වෙළෙඳ නාවික වෘත්තිකයින් පුහුණු කිරීම සඳහා මෙරට බිහි වූ මෙරට පළමු පෞද්ගලික පුහුණු ආයතනය වශයෙන් මර්ක්මැරයින් ටේ්‍රනින් ආයතනය වසර 35 කට අධික කාලයක් ක්ෂේත්‍රයට පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ ආයතනයක්. එදාමෙදා තුර මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනය ජාත්‍යන්තර වෙළෙඳ නාවික ක්ෂේත්‍රයට දායාද කර ඇති ශ්‍රී ලාංකික නාවික යාත්‍රිකයින් දහස් ගණනක්.


මර්ක්මැරයින් ට්‍රේනින් හි ආචාර්ය මණ්ඩලය වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් ප්‍රවීණ මණ්ඩලයක්. එනිසා මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනයට ගෝලීය වශයෙන් වෙළෙඳ නාවික ක්ෂේත්‍රය තුළ සිදුවන වෙනස්වීම් වලට සමගාමීව ඉහළ තත්ත්වයේ අධ්‍යාපනයක් හා පුහුණුවක් ශිෂ්‍යයින්ට ලබාදීමට හැකි වෙලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳ නාවික ක්ෂේත්‍රයේ සම්බන්ධතා තිබෙන, පිළිගත් ආයතනයක් වශයෙන් මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනයට තමන්ගේ ශිෂ්‍යයින්ට නැව් නැගීමට අවස්ථාව ඉතා ඉක්මනින් ලබා දීමට හැකියාව තිබෙනවා.
ඉතින් ඔබත් ජීවිතයේ සාර්ථකත්වය හොයන, අලුතින් හිතන්නටත් හැකියාවත් ඇති යෞවනයෙක් නම් පමා නොවී මේ ගැන තවදුරටත් සොයා බලන්න. මර්ක්මැරයින් ට්‍රේනින් ආයතනයේ වෙබ් පිටුව මෙතනින් බලන්න. ෆේස්බුක් පිටුව https://www.facebook.com/MercmarineTraining/  දුරකතනයෙන් තොරතුරු දැනගන්නවා නම් අංක 0771 216773.
මේ තොරතුරු, අනාගතය ගැන ප්ලෑන් ගහන ඔබේ සහෝදරයාට, මිත්‍රයාට වැදගත් වෙයි කියලා හිතනවා නම් ශෙයා කරන්න.