Myanmar-Rohingya-refugees-sue-Facebook-for-dollar-150-billion

පසුගිය පෙබරවාරී මාසයේ මියන්මාරයේ ඇතිවූ ක්‍රමන්ත්‍රණකාරී තත්වයන් තුළ හමුදාවේ ප්‍රචණ්ඩත්වයට හසුවූ රෝහින්ග්‍යා වෙනුවෙන් අසාධාරණයකත් සිදුවූ බවත් ඔවුනට විරෝධී වෛරී ප්‍රකාශවලට එරෙහිව සමාජ මාධ්‍ය සමාගම පියවර නොගත් බවත් කියමින් මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින් Meta Platforms Inc (ෆේස්බුක් සමාගම) වෙත ඩොලර් බිලියන 150ක් ඉල්ලා නඩු පවරා තිබේ.

එඩෙල්සන් පීසී සහ ෆීල්ඩ්ස් පීඑල්එල්සී යන නීති සමාගම් මගින් කැලිෆෝනියාවේ ගොනු කරන ලද එක්සත් ජනපද පැමිණිල්ල තර්ක කරන්නේ සමාගමේ ක්‍රියාව නිසා රෝහින්ග්‍යා ප්‍රජාව මුහුණ දෙන සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩත්වයට දායක වූ බවයි.
සම්බන්ධීකරණ ක්‍රියාමාර්ගයක් ලෙස බ්‍රිතාන්‍ය නීතීඥයින් ෆේස්බුක් හි ලන්ඩන් කාර්යාලයට නොතීසි ලිපියක් ද ඉදිරිපත් කළේය.



මෙම නඩුව පිළිබඳව ෆේස්බුක තවම ප්‍රතිචාර දක්වා නැත.
සමාගම මියන්මාරයේ "වැරදි තොරතුරු සහ වෛරය වැලැක්වීමට ඉතා මන්දගාමී" බව පවසා ඇති අතර පෙබරවාරි 1 කුමන්ත්‍රණයෙන් පසු හමුදාව ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්  තහනම් කිරීම ඇතුළුව කලාපයේ වේදිකා අපයෝජනයන් මර්දනය කිරීමට පියවර ගෙන ඇති බව පවසා තිබේ.
තෙවන පාර්ශවයන් විසින් පළ කරන ලද අන්තර්ගතයන් සඳහා ෆේස් බුක් වැනි ‘සබැඳි වේදිකාවන්‘ වගකිව යුතු නොවන බව පවසන 230 වගන්තිය ලෙස හැඳින්වෙන එක්සත් ජනපද අන්තර්ජාල නීතියක් මගින් පරිශීලකයින් විසින් පළ කරන ලද අන්තර්ගතයන් පිළිබඳ වගකීමෙන් ආරක්ෂා වී ඇති බව Facebook මින් ඉහත සිද්ධි වලදී පවසා ඇත.


වෙනත් රටවල සමාගම් විසින් සිදු කරන ලදැයි කියන හානි සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එක්සත් ජනපද උසාවිවලට විදේශ නීතිය යෙදිය හැකි නමුත්, නීති විශාරදයින් දෙදෙනෙකු උපුටමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහි නඩු වලදී විදේශ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සාර්ථක පූර්වාදර්ශයක් ගැන තමන් නොදන්නා බවයි.
(රොයිටර් ඇසුරිනි - Gossiplankanews.com)