පාකිස්ථානයේ සියල්කෝට් හිදී අමානුෂීය අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයින් හට රුපියල් ලක්ෂ 25 ක ප්‍රදානයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙයි.
වසර 11ක කාලයක් විගමනික සේවකයෙකු ලෙස මෙරට ආර්ථිකයට සිදුකරනු ලැබූ පුළුල් දායකත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින බිරිඳ හා දරුවන් ගේ සුබසාධනය වෙනුවෙන් මානුෂිය පදනම මත මෙම මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගෙවීමට නියමිතව ඇත.
කම්කරු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇත.
ප්‍රියන්ත මහතාගේ දේහය අද (07) අළුයම 3 ට පමණ ගනේමුල්ල කැන්දලියද්දපාලුව නිවස වෙත ගෙන එන ලදි.
Comments
Post a Comment
Your comment will be visible after approval