සිකුරාදා රාත්‍රියේ අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ බිහිසුණු ටොනේඩෝ තත්වය නිසා පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුමාන කරන බව ඇමරිකානු මාධ්‍ය සඳහන්කරයි.
මෙය ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම ටොනේඩෝව බවත් මිය ගිය සංඛ්‍යා 100 කට වඩා වැඩි විය හැකි බවත් ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් පැවසුවේය.
ගුවනේ සිට ලබාගන්නා වීඩියෝ දර්ශනයකින් පෙන්නුම් කළේ සුවිසල් ගස් ඉදිරී ගොස් ඇති අයුරුය.
වැඩි වශයෙන් මරණ සිදුව ඇත්තේ අනාරක්ෂිත ගොඩනැගිල්ලක්වූ ප්‍රාන්තයේ මේෆීල්ඩ් නගරයේ ඉටිපන්දම් කම්හලකි. එහි බෝහෝ පිරිසක් මිය ගොස් ඇත.
කම්හලේ සිටි තවත් පුද්ගලයින් 40 දෙනෙකු බේරාගෙන තිබේ. ආණ්ඩුකාරවරයා විසින් කෙන්ටකි හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මේෆීල්ඩ් නගරය කෙන්ද්‍ර කර ගනිමින් ටොනේඩෝව සැතපුම් 227 (කිලෝමීටර් 365) පුරා ව්‍යාප්තව පැතිර ගිය බව කියැවේ. ගස් කඉා වැටීම හේතුවෙන් මේ වනවිට ලක්ෂ දෙකහමාරකට පමණ විදුලියද ඇණහිට ඇත.
අසල්වැසි මිසූරි ප්‍රාන්තය් හි ශාන්ත ලුයිස් හි රෝහලට ද ගුවනින් රෝගීන් රැගෙන ගොස් ඇත.මුදවා ගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන් අතර අතුරුදන්වූවන් සොයමින් සිටී.
0 Comments