බුලත්සිංහල
අඟහරුවාදා 28 දහවල් කාලයේදී බුලත්සිංහල පොලිස් වසමේ දවටගහවත්ත පාරට හැරෙන හන්දිය අසලදී හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දකුණු පැත්තට ඇදී ගොස් කාණුවකට වැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කල පුද්ගලයෙකු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මියගිය අය වයස අවුරුදු 46 ක් වන බෙන්තොට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය අතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. ත්රීරෝද රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇත. බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
ගම්පහ
අඟහරුවාදා 28 උදෑසන කාලයේදී ගම්පහ පොලිස් වසමේ මොරුපොල ප්රදේශයේදී බණ්ඩාරවත්ත දෙස සිට බෙම්මුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මියගිය අය වයස අවුරුදු 33 ක් වන බෙම්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇත. ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
දඹුල්ල
අඟහරුවාදා 28 දහවල් කාලයේදී දඹුල්ල පොලිස් වසමේ ඇටමුල හන්දිය දෙස සිට හුරුලුඇල්ල වේල්ල අතුරුමාර්ගයේදී කලුන්දාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියක හා පාරෙන් ඉවතට පැන කුඹුක් ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පිටුපස ගමන් කල දෙදෙනෙකුගෙන් එක් අයෙකු ජලය පිරී තිබූ ඇලකට වැටී මීටර් 500 ක් පමණ ජලයේ
ගසාගෙන යමින් සිටියදී සොයාගෙන ප්රදේශ වාසීන් විසින් දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇත.
මියගිය අය වයස අවුරුදු 14 ක් වන පහල ඇරැවුවල, දඹුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇත. දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
අක්කරපත්තු
අඟහරුවාදා 28 සවස් කාලයේදී අක්කරපත්තු පොලිස් වසමේ අක්කරපත්තු කමුණ මාර්ගයේ අඩාලච්චේන ප්රදේශයේදී මාර්ගය හරහා ගමන් කල කුඩා දරුවෙකු කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික දරුවා අක්කරපත්තු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 02 ක් වන අඩාලච්චේන 02 ප්රදේශයේ පදිංචි දරුවෙකි.
මෘත ශරීරය අක්කරපතු රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. කැබ් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී ඇත. අක්කරපත්තු පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
0 Comments