agriculture-sec-change

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින්  එම අමාත්‍යංශයට සිදු කරන ලද 4 වැනි ලලේකම් පත්වීම එයයි.
මහාචාර්ය උදිත් ජයසිංහ මහතා මෙතෙක් එම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරනු ලැබීය.
ඔහු ඊයේ දිනයේ මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරි ආහාර හිගයකදී අත්‍යවශ්‍යම අයට ආහාර දී අනෙක් අයට සීමා කරන අවදානමක් තිබිය හැකි බවය.
උපදේශකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් ගත් ඉක්මන් තීරණ හමුවේ කාබනික වැඩපිළිවෙළ යම් අර්බුධකාරී තත්වයකට පත් වූ බවද  මහාචාර්ය උජිත් කේ. ජයසිංහ මහතා සඳහන් කර තිබුණි.


ඔහු අස්කරන්නට පෙර අවසන් වරට පැවැත්වූ මාධ්‍ය හමුවේ මෙසේද කීය.

“මේ වන විට ප්‍රචාරයක් යනවා රසායනික පොහොර ගෙන ඒම සඳහා අමාත්‍යාංශයෙන් අවසර දෙන්නේ නෑ කියලා. මේක අමූලික බොරුවක්. මේ රටේ රසායනික පොහොර ගෙන්වන ආයතන 120ක් පමණ දැනුවත් කරලා අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජයේ නිසි ක්‍රියා මාර්ග වලට අනුව කටයුතු කරලා ඉල්ලුම් කරන අයට ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර ගෙන ඒම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිබෙනවා. කිසිවෙක් හෝ ඒ සඳහා අවසර නොලද බවට ප්‍රකාශ කරනවා නම් අපි අභියෝග කරනවා ඒ අයට අප හමුවට ඇවිල්ලා ගැටලුව ඉදිරිපත් කරන ලෙසට. වරදක් වෙලා තියෙනවා නං අපි ඒක නිවැරදි කරනවා.

මේ ලියාපදිංචි වූ අයත් පොහොර ගෙනෙන කොට කොහොමත් මාස දෙකක්, දෙකහමාරක් කාලය යනවා. ඒ ඇරෙන්න අපේ පැත්තෙන් කිසිම පරක්කුවක් කරලා නෑ. අනෙක් අය එක්ක තරඟ කරලා මේවා කරන්න බැරි අය මොනවා හරි කියවනවා ඇති.”