ananda-s-wijesiri-passed-away

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී ආනන්ද.එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වූයේය.කෙටිකලක් රෝගාතුරව සිට මියයන විට 80 හැවිරිදි වියෙහි පසුවිය.ඔහු කීර්තිමත් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු සහ නාට්‍යකරුවෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු, චිත්‍රපට පිටපත් රචකයෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, නළුවෙකු සහ ගායකයෙකු විය.
ඔහු රචනා කරමින් අධ්‍යක්ෂණය කළ නාට්‍ය අතර ‘දෙව් ලොව යනකං’, ‘නෙත් අඳ බිසව්’,‘ඔතෙලෝ’, ‘ජුලියස් සීසර්’ ආදිය විය.




චිත්‍රපට සඳහා තිර රචකයෙකු ලෙස දායකවූ විජේසිරි මහතා ‘සුදු පරවියෝ’, ‘මාල ගිරව්’, ‘චන්ඩින්ගෙත් චන්ඩියා’, ‘පුතුණි මට සමාවෙන්න’, ‘වන බඹරා’, ‘අංගුලි මාල’, ‘අම්මේ ඔබ නිසා’ ආදී නිර්මාණ සඳහා දායක විය.
ඔහු නවකතාකරුවෙක් හා ගායකයෙක් ලෙසද ජනාදරයට පත්වූයේය.

 ඔහු අයිරාංගනී විජයසිරි මහත්මියගේ දයාබර සැමියා වූ අතර, සුරංජිගේ සහ රාජේන්ද්‍ර විජේසිරිගේ ආදරණීය පියාද, සඳුල්, රශ්මි සහ නුරාන්ගේ සීයාද වේ. ගල්කිස්ස, කලාපුර, පදිංචිව සිටි විජේසිරි මහතාගේ අවසන් කටයුතු කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, ‘ද රෙස්පෙක්ට්’ ජයරත්න මල් ශාලාවේදී සිදු කෙරේ.