මෙරට තිබෙන ණය ගෙවා නැවත ණය ලබා නොගන්නා තත්ත්වයක රට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස පක්‍ෂ, විපක්‍ෂ කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.  2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ අවසන් දිනය සඳහා පසුගියදා (10දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. මේ අතර, වත්මන් ආණ්ඩුව විසින් ආණ්ඩු බලය  වෙනත් පාර්ශ්වයකට ලබා දීමට කටයුතු කරනුයේ  රට තුළ ණය නොමැති තත්වයකට පත්කර බවත්, එසේ නොමැතිව රට ණය කර වෙනත් ආණ්ඩුවකට ආණ්ඩු බලය ලබා දීමට කටයුතු නොකරන බවත් මුදල් අමාත්‍යවරයා එහිදී  පැවසීය.


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ  අපට  අමාරු තත්වයක් තිබෙන්නේ. ඒත් මේක මාසෙක දෙකක ඇති වුණු එකක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ඇතිවෙලා තිබෙනවා. මම සතුටු වෙනවා විපක්‍ෂයත් ඇතැම් අය ඒ ආකාරයටම පැහැදිලි කළා ඒ තත්වය. ඒ නිසා මේ අර්බුදයට මුහුණ දෙන්න කටයුතු කරමු. ඔවුන් ඉදිරිපත් කරපු අයි.එම්.එෆ්. ඒක ගැන කිව්වම, මේ අයි.එම්.එෆ්. එකට යන එක අලුත්  දෙයක් නෙවෙයි. 1961ත් ගියා. මමත් ගියා.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නිවාඩ් කබ්රාල් මහතා සමග මම ගියා යුද්ධය ඉවර වුණු ගමන්ම. අපි ගත්තා. මේ වන විටත් නොදන්නවට  අයි.එම්.එෆ්. එක ඇවිල්ලා තිබෙනවා මෙහේ. ඒත් ඔවුන් කිව්වා විපක්‍ෂයෙන් ඔවුන්ට, විපක්‍ෂනායකතුමා කිව්වා අපි ඕන එකකට උදවු කරනවා කියලා.





නමුත් අයි.එම්.එෆ්. ඒක කියන  තමුන්නාන්සේල්ලාගේ දෙවියන් වහන්සේ, ශක්‍රයා,  මැවුකාරයාටවත් වෙලාවක් දීලා නෑ. වයිමත් ඉන්නේ අපේ පැත්තේ, අයි.එම්.එෆ්. එක ගැන අපේ විශ්වාසයක් නෑ. අපි සාමාජිකයෝ. ව්‍යවස්ථානුකූල අයි.එම්.එෆ්. එක කොන්දේසි අනුව වාර්ෂිකව ඔවුන් ඇවිල්ලා මේ සමීක්‍ෂණ ඇති කරලා ඔවුන් වාර්තාවක් අපට දෙනවා.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා -

අපේ නායකතුමා කිව්වා වගේ අපි ලෑස්තියි සහයෝගය දෙන රට වෙනුවෙන්  මේ අවස්ථාවේදී. නමුත් ඔබ කිවා මීෂ්ටිමකට අපෙන් වෙලාව ඉල්ලුවා අපි දුන්නේ නෑ කියලා. ඒක අසත්‍යයක්. ඒ කණ්ඩායම අදවත් ඉල්ලලා නෑ.  


මුදල් අමාන්‍ය බැසිල් රාජපකෂ -

 ඔබතුමාලා අයි. එම්.එෆ්. එකට යනවාද කියලා ඇහුවා. අයි.එම්.  එෆ්. එකේ අපි සාමාජිකයෝ. මාස කිහිපයකට කලින් අපට මිලියන හයසිය ගානක් ලැබුණා. අවුරුදු පතා ඔවුන් ඇවිත් තමන්ගේ සාමාජික රටවල සියලු දෙනා හමුවෙලා ඔවුන් වාර්තාවක් දෙනවා. ඒ වාර්තාව දුන්නට පස්සේ ඒ රජයන් සමහරක් ක්‍රියාත්මක කරනවා. සමහරක් බෑ කියනවා.  ඊළඟට ඔවුන් දෙන සහන ගැනත් කතා කරනවා. අපි කියනවා අපට එක පාර බැරි වුණත් අපේම සංචිත අපි හදා ගන්නවා කියලා. ඒක තමයි අපේ අදහස.





අපේ විදේශ මුදල් ගලා යන එක් අංශයක් තමයි මේ පිටරට යන එක නතර කරන්න ඕන. ඒකට තමයි අපි පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරලා අපේ තෙල්වලට යන මිල පුළුවන් තරම් අඩු කර ගන්න හදන්නේ. ඒ සඳහා අපට පුළුවන් වුණත් මේ රටේ  විදුලිය නිෂ්පාදනයට පාවිච්චි කරන, ඒ වගේම වාහනවල ඉන්ධන පාවිච්චිය අඩු කරන්න පුළුවන්  නම් අපට පුළුවන් වෙයි පිටරටට යන විශාල මුදලක් ඉතුරු කර ගන්න.  එතකොට අපට පුළුවන් ඒකෙන් අර ණය ටිකත් ගෙවලා අයි.එම්.එෆ්. එකෙන් ණය ගන්නේ නැතිව, අපේ ණයකාරයන් ළඟට ගිහින් අනේ අපට ණය  ගෙවන්න බෑ, අපට තව අවුරුද්දක් දෙන්න කියලා ඉල්ලන තත්වයට අපිව පත් නොකර අපට උදවු කරන්න කළින් හිටගෙන උඹලාගේ ණය අපි ගෙවනවා, ඊට පස්සේ උඹලාගෙන් ණය ගන්නෙත් නෑ කියන තත්ත්වයට ශක්තිමත් රටක් හදන්න අපට උදවු කරන්න. ඒකයි අපට ඕන. අපි බය නැතිව කියනවා දෙනවා නම් දෙන්නේ ණය නැති රටක්. අපි  මේ රට හදලා තමයි දෙන්නේ. එහෙම නැතිව මේ රට ණය කර දෙන්නේ නෑ..


- දිනේෂ් සමරකෝන්-