මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.කටුනායක ගුවන් තොටුපළ ආරංචි පැවසුවේ අද අලුයම 02. 55 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා ඩුබායි හරහා ඇමරිකාවට පිටව ගිය බවයි.
පුද්ගලික සංචාරයක යෙදෙන ඒ මහතා මසකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇතැයි ද වාර්තා වෙයි.
මුදල් අමාත්‍යවරයා ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර රජයේ මැති ඇමැතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි.
අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 18 වැනිදාය.
එබැවින් මාසයකට ආසන්න කාලයක නිවාඩුවක් ලැබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද අද පිටත්ව ගොස් තිබුණි.
පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉකුත් දා සිංගප්පූරුව බලා පිටත්ව ඇත.
0 Comments