වැලිගම වල්ලිවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එම නිවසෙහි පදිංචිව සිටි වයස හතක් වන පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම මුලස්ථාන පොලිසිය කියයි.
නිදා සිටි දැරිය සමඟ සිටි මිත්තණිය සහ දහතුන් හැවිරිදි වැඩිමහල් සොයුරිය දුවගෙන ගොස් දිවි බේරාගෙන තිබේ.
මෙම ගින්න ඊයේ රාත්‍රී දහයට පමණ සිදුවී තිබිණි.පිලිස්සී මියගිය දැරියගේ මව කොග්ගල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට රැකියාවට ගොස් නැවත නිවසට පැමිණීමට නියමිතව තිබිණි.
එ බැවින් වයස දහතුනක් වන වැඩිමහල් දියණිය සහ මියගිය දියණිය සහ ආච්චි නිවෙසෙහි තබා දරුවන්ගේ පියා විසින් වැඩට ගිය බිරිඳ රැගෙන ඒමට කප්පරතොට බස් නැවතුම්පොළ අසලට ගොස් තිබූ අතුරතුර මෙම ගින්න ඇතිවී තිබෙි.
එහිදී ගිනි ගැනීමේ දී ඇතිවූ සද්දය ආච්චී සහ වැඩිමහල් දියණිය නිවසින් එළියට පැන ගැනීමට කටයුතු කර ඇත.
මෙම නිවස ගිනි ගැනීම දැක තිබු අසල්වාසීන් විසින් හැකි ඉක්මනින් ගින්න නිවා දැමීමට උත්සාහ කර තිබූ අතර එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබිණි.
එහිදී වැලිගම පොලිසියේ සහාය මත මාතර ගිනි නිවීමේ රථ දෙකක් ගෙන්වා හැකි ඉක්මනින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබිණි
නිවසේ එක් කොටසක ගිනිගැනිම සිදුව ඇති අතර ඒ හේතුවෙන් වහල කඩා වැටී ඇත.
මාතර ගිනි නිවීම් අංශය වහා පැමිණ ගින්න නිවීමට කටයුතු කළ ද වහලේ කොටස් වලට යටවී දැරිය මිය ගොස් ඇතැයි වාර්තා වේ.
කාමරයෙ නිදාගෙන සිටි වයස හතක් වන දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරිය දැඩි ලෙස පිලිස්සීමටද ලක්ව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්න ඇතිවූයේ නිවසේ කවර කොටසතකින්දැයි තවම තහවුරුවී නැත.
මේ දිනවල සුලබ ගෑස් ආශ්රිත ගිනිගැනීම් හා මෙය සම්බන්ධදැයි තවම අනාවරණයවී නැත. මීට ඉහත පසුගිය නොවැම්බර් 5 වන දින වැලිගම කප්පරතොට ගෑස් පිපිරීමක් සිදුවී පිරිමි දෙන්නෙකුට හා කාන්තාවකට තුවාල සිදුවිය.
මූලික පරීක්ෂණ අනුව මෙම ගින්න නිවසේ කාමරයකින් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිගේ මෙහෙයවිම විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු මෙහෙයවති.
0 Comments