වයඹ පළාතේ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු ඒ මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළකිරීමේ බැනර් වයඹ පළාතේ පළාත් පාලන ආයතන ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය වූ අතර වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු ද ප්‍රාදේශීය සභාව ඉදිරිපිට හා නගරයේ තැනින් තැන එවැනි බැනර් ප්‍රදර්ශනය කළහ.


වාරියපොළ ප්‍රාදේශීය සභාව මඟින් එසේ ප්‍රදර්ශනය කළ බැනර්වල අභාවප්‍රාප්ත රාජා
කොල්ලුරේගේ නම යොදා තිබුණත් එම බැනර්වල ඡායාරූපයේ දැක්වුණේ ඌව පළාත් ආණ්ඩුකාර මුසම්මිල්
මහතාගේ ඡායාරූපයකි. 

වාරියපොළ ප්‍රාදේශීය සභාව තමන්ගේ පළාතේ ආණ්ඩුකාරවරයාගේ ඡායාරූපය වෙනුවට ඌව පළාතේ
ආණ්ඩුකාරවරයාගේ ඡායාරූපය බැනරයේ ඇතුළත් කිරීමෙන් රටේ ආණ්ඩුකාරවරුන් පිළිබඳ එම ප්‍රාදේශීය
සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රිවරුන්ගේ දැනුමේ තරම ගැන රටට හෙළිවිය.


(කුරුණෑගල -විජේසිංහ වැලිකන්ද)