දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ පියකු සහ වයස 4 ක්වූ දියණියක මියගොස් තිබේ.
මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය 18 වැනි කිලෝමීටර් කණුව අසල දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුවිය.
කොට්ටාව දෙසට ධාවනය වූ කාර් රථ රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී අනතුරක් සිදුව ඇත.
අනතුර සිදුවන විට කාර් රථයේ 05 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් තුවාල ලබා 04 දෙනෙකු නාගොඩ රෝහලටද 01 අයෙකු හොරණ රෝහලටද ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී නාගොඩ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 04 ක් වන කුඩා දැරිය හා වයස අවුරුදු 39 ක් වන පියා මිය ගොස් ඇති අතර මව හා තවත් දියණියක් නාගොඩ රෝහලේ ප්රතිකාර ලබයි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා හොරණ රෝහලේ ප්රතිකාර ලබයි.
මෘත ශරීරයන් නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. දක්ෂිණ අධිවේගී මාර්ග ගැලනිගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
0 Comments