මාල දිවයිනේ ජනපති හා ආර්යාව නිල නොවන සංචාරයක් සඳහා ලංකාවට පියාසර කළ බවට ඊයේ (30) එරට මාධ්‍ය වාර්තා මගින් හෙලි කර තිබේ.





ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ ජනාධිපති ආර්යාව ෆස්නා අහමඩ් බ්‍රහස්පතින්දා නිල නොවන සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පියාසර කළ බවට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දින හතරක සංචාරය නිම කිරීමෙන් පසු යුවළ ලබන ඉරිදා (2) මාලදිවයිනට පැමිණෙනු ඇති බවයි.
මේ අතර පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු හමුවීමට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි බව Mihaaru පුවත් වාර්තා කළේය.

ජනපතිවරයාගේ මව වාසය කරන්නේ ලංකාවේ බවද එහි වැඩිදුරටත් දැක්වේ.

ශ්‍රී ලංකාවේ පසුගියදා පැවති රාජපක්ෂ කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක පාපන්දු තරඟය නැරඹීම සඳහා මාලදිවයින් ජනාධිපතිවරයා නොවැම්බර් මාසයේදී ද ගුවන් යානයකින් ලංකාවට පැමිණ තිබුණි. මෙම සංචාරයේදී ඔහු ශ්‍රී ලංකා ජනාධිපති රාජපක්ෂ හමුවී දෙරටටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.