චිත්‍රපට, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ කුමාර රණේපුර මහතා අද (10) අභාවප්‍රාප්ත විය.
සටන් නළුවෙකු වූ ඔහු “කළු සුදු මල්”, “ජොලි හලෝ”, "තුෂාරා” (නව නිෂ්පාදනය), “ධවල පවුර”, “රජ හොරු”, “උලත් එකයි පිලත් එකයි”, “ප්‍රවේගය” සහ “ගෝරි” වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය.
පසුගිය කාලයේ සිදුවූ අනතුරකින් ඔහුට සුසුම්නාව සම්බන්ධව ආබාධයක් ඇතිවී ප්‍රතිකාර ලබමින් පසුවිය.
‘එදා පොද වැස්ස, මම ස්ටුඩියෝ එකට එන්න කියල ආවේ. මට පොඩි කල්පනාවක් තිබුණා.එකපාරටම මගේ ඇස් දෙක පේන් නැතුව ගියා. මාව උඩකින් විසිවුණා මතකයි.
මාව පල්ලමකට ගහගෙන ගියා. බ්රේක් ගහගන්න බැරිවුණා. මගේ සුසුන්නාව තැලුණා. එකොළහමාරට
ඇති. අහළ පහළ ගෙවල් වල කට්ටිය ආවා. කෝල් කළාම පුතාලා ආවා. මාව කෙළින්ම ඇක්සිඩන්ට් වෝඩ් ගෙනාවා. මාස තුනක්
හොස්පිට්ල් හිටියා. මාව දැම්මා රාගම පුනරුත්තාපන රෝහලට. එක්සයිස් තමයි කළේ දිගටම. බේත් පෙති
20ක් විතර බොනවා දවසකට. ලේ අරගෙනම එපා වෙලා හිටියා. නිතරම මට උණ ගත්තා. උණ
හැදෙන්නෙ මොකද කියලා හොයාගන්න බෑ ඒගොල්ලන්ට..
ගහක් කැපුවා වගේ මම හිටියේ. පොඩ්ඩක් හොඳ
වුණාට පස්සෙ ටිකක් පේනවා.මෙහෙම ඉන්න ගොඩක් අමාරුයි.. සිංහල බේත් කරන්න ගත්තට පස්සෙ ඇඟිලි ටිකක් වැඩ කරන්න
ගත්තා. මම ලොකු සටන් නළුවා වුණාට මම ජීවිතේට කා එක්කවත් ගහගෙන නෑ. ඔය බොරුවට අපි
කැමරාව ඉස්සරහා ගහ ගත්තට, මම කවදාවත් ඇත්තටම ගහගෙන නෑ. මේක ගිය ආත්මේ කරපු පවක්
වෙන්නැති‘
කුමාර රණපුර මහතා ප්‍රතිකාර ලබන කාලයේ සුදත්ත තිලකසිරි සමඟ සාකච්ඡාවකදී පවසා තිබුණි.
0 Comments