බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට කාන්තාවන් සිව් දෙනෙකු බොරැල්ල පොලිසිය ඊයේ (20) අත්අඩංගුවට ගැනීමට සමත් විය. මෙම රන් ආභරණ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා
මේ වන විටත් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් මිනීමැරුමක සහ කොල්ලකෑම් දහයකට ආසන්න සංඛ්‍යාවක ප්‍රධාන සැකකරුවන් බවත් පොලිසිය කියයි. මෙම සැකකාරියන් සිව්දෙනා කඩුවෙල සහ බෝමිරිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය කියයි.. එම සිදෙනාගෙන් දෙදෙනකු පසුගිය දෙසැම්බර් මස පළමුවැනිදා බොරැල්ලේ එම ස්වර්ණාභරණ අලෙවිසලට ගොස් මුදුවක් මිලදීගෙන එහි පරිසරය පිළිබඳව කොල්ලකරුවන්ට ඔත්තුව සපයා ඇති බව ද පොලිසිය කියයි.
එම කාන්තාවන් කොල්ලය සිදුකළ පසුගිය 11 වැනිදා බොරැල්ල සහ මරදාන ප්‍රදේශවල මාර්ග වර්ණ සංඥා පිළිබඳව කොල්ලකරුවන්ට තොරතුරු ලබා දී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
කොල්ලකරුවන් දෙදෙනා කොල්ලය සඳහා යොදාගත් ගිනි අවිය අත්අඩංගුවට පත් කාන්තාවකගේ බෝමිරිය ප්‍රදේශයේ නිවසකින් ලබාගෙන ඇති බවත් සැකකාරියන් සිව්දෙනා දින හතක රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි. බොරැල්ල පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ජේ.එම්.ආර්. සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වේ.
-යොහාන් භාසුර-
0 Comments