bpl-sri-lanka-cricketers

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මීළඟ අදියර සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසකට තරග කිරීමේ අවස්ථාව හිමිව තිබේ. ඒ තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයන් තෝරා ගැනීමේ අවස්ථාවේදී කණ්ඩායම් කිහිපයක්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තෝරාගැනීම හේතුවෙනි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම පෙරේදා (27දා සිදුකෙරිණි.ඒ අනුව ධනුෂ්ක ගුණතිලක ෆෝචූන් බරීසල් කණ්ඩායමටත්, තිසර පෙරේර් සහ භානුක රාජපක්ෂ කුල්නා ටයිගර්ස්  කණ්ඩායමටත්, දිනේෂ් චන්දිමාල් සිල්හෙට් කණ්ඩායමටත්, ඉසුරු උදාන ඩකා කණ්ඩායමටත් එක්කරගෙන තිබුණි. මීට අමතරව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ  අවස්ථාවේදී කුල්නා ටයිගර්ස් කණ්ඩායම විසින් සීක්කුගේ ප්‍රසන්නවද, සිල්හෙට් කණ්ඩායම ඇන්ජෙලෝ පෙරේරාවද.ෆෝචූන් බරිසල් කණ්ඩායම නිරෝෂන් දික්වැල්ලවද, කුමිලා වික්ටෝරියස් කණ්ඩායම කුසල් මෙන්ඩිස්වද මීළඟ අදියරට ක්‍රීඩා කිරීමට තෝරාගෙන තිබුණි. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.


(සුරේෂ් දේශාන්)