bus-transport-issue-private
අවම බස් ගාස්තුව රුපියල් 2කින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවකට පැමිණ ඇත. ඒ අනුව, රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇත. අනෙක් ගාස්තු සීයට 8කින් වැඩි කර සංශෝධනය කරන්නට යෝජනාවී ඇත.



අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් නොව තුනකින්  වැඩිවිය යුතු බවත් අනෙක් ගාස්තු සියයට 8 කින් නොව 15 කින් වැඩිවිය යුතු බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලා තිබූ අතර අවම ලෙස සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගත් තීරණ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව  ගැමුණු විජේරත්න මහතා පැවසීය.
 ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් වෙත තවම කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවත්
ඉන්ධන මිල ඉහළ යාම, බස් රථ අමතර කොටස් වල මිල ඉහළ යාම, ලිහිසි තෙල් මිල ඉහල යාම, සේවා ගාස්තු ඉහළ යාම ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් බස් හිමියන්ට සහනදායි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.