තවත් සති කිහිපයකින් ලබන වසර මුලදී කැබිනට් සංශෝධන කිහිපයක් සිදුකිරීමට රජය බලාපොරොත්තු වන දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මේ යටතේ ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් සිදුකිරීමට නියමිතව ඇත.
ලබන වසර මුලදී නව ජවයකින් සහ වේගවත්ව රජයේ වැඩපිළිවෙළ දියත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊට සමගාමීව මෙම කැබිනට් සංශෝධනයද සිදුකරන බවත් රජයේ ප්‍රකාශකයෙක් දන්වා ඇත.
කැබිනට් මණ්ඩල වෙනස්කම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රැසක් මේ වන විටත් විරෝධය පළකර තිබෙන බවද දැනගන්නට ලැබේ. අතුරලියේ රතන හිමි පසුගියදා පාර්ලිමේන්තුවේදී කැබිනට් මන්ඩලයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන දීර්ඝ විස්තරයක් කර තිබුණි.
0 Comments