චිලි රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට වාමාංශික පක්ෂ අපේක්ෂක ගේබ්‍රියල් බොරික් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වෙයි. පසුගිය ඉරිදා දිනයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදී 90%කට වඩා වැඩි ඡන්ද ගණන් කිරීම්වලට අනුව බොරික් හට 56%ක ඡන්ද ප්‍රතිශතයක් හිම්ව තිබේ.
එසේම ඔහුගේම ප්‍රතිවාදියා වන ජොසේ අටෝනියෝ හට 44%ක ප්‍රතිශතයක් හිම්ව තිබේ. මෙලෙස ජනපතිවරණය ජයග්‍රහණය කරන අවස්ථාව වනවිට බොරික් 35 හැවිරිදි වියේ පසුවිය. ඒ අනුව ඔහු විලියට තේරී පත් වූ ලාබාලතම ජනපතිවරයා ලෙසින්ද ඉතිහාසයට එක්ව තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පෙරාතුව බොරීක් එරට එයට එරෙහි සිසු ව්‍යාපාරවල නායකයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඔහු 2014 වසරේදී එරට කොංග්රස් මණ්ඩලය වෙත තේරී පත්විය.
සිය ජයග්රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතා ඇති බොරික්, "සියලුම විලී වැසියන්ගේ ජනාධිපතිවරයා බවට මම පත්වෙනවා.” යනුවෙන් පවසා තිබේ. එසේම මැතිවරණයෙන් පරාජයට පත්වූ අන්ටෝනියෝ කාස්ට් දුරකථනය හරහා බොරික් අමතමින්,
ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව සුභපැතුම් එක්කර ඇතැයිද විලි මාධ්‍ය සඳහන් කරයි. එසේම ධුරයෙන් ඉවත්ව යන විලියේ ජනාධිපති සෙබස්තියන් පිනෙරාද නව ජනපති ලෙස තේරී පත්වී ඇති බොරිස් වෙත සුභ පැතුම් එක්කර ඇත. විලියේ ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය මාසයේදී පැවැත්වූ අතර, එහිදී බොරික් පරාජයට පත් කරමින් කාස්ට් ජයග්‍රහණය කළේය. එහෙත් එහිදී පැහැදිලිවම බහුතර ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීමට අපේක්ෂිකයන්ගෙන් කිසිවෙකුටත් අවස්ථාවක් හිමි නොවීමත් සමගම පසුගිය ඉරිදා යළිත් වරක් එම ඡන්ද විමසීම පැවැත්වුණි.
0 Comments