ෆොසිල බවට පත් වූ ඩයිනෝසර බිත්තරයක ඉතාමත් හොදින් ආරක්ෂා වී තිබූ ඩයිනෝසර කලලයක් චීනයේ දකුණුදිග ප්‍රදේශයෙන් හමුව ඇතැයි වාර්තා වෙයි. මෙම කලලය Baby Yingliang ලෙස නම් කර තිබේ.
එම කලලය තුළ පැටවාගේ පාද, පිටුපස කොඳුනාරටිය, හිස, අත් සහ වලිගය ඇතුළු ශරිර අංග ඉතාමත් හොදින් ආරක්ෂා වී තිබෙන බව සඳහන් වෙයි. පර්යේෂකයන්ට අනුව මෙම කලලය එම බිත්තරයෙන් උපත ලැබීමට ආසන්නතම අවස්ථාවක පැවැතියක් බව පැවසෙයි. මෙම Baby Yingliang ෆොසිල බි රය අදින් වසර මිලියන 72ත් මිලියන 66ත් අතර කාලයකට පෙර පැවැති ක්රිටේසියානු යුගයේ අවසන් කාලයට අයත් බව විශ්වාස කෙරේ. එසේම මෙම ඩයිනෝසර පැටවා Oviraptorosaur නමින් හැදින්වෙන තෙරෝපොඩේ වර්ගයේ ඩයිනෝසරයකු ලෙසද හඳුනාගෙන ඇත. විදියට අනුව මෙම ඩයිනෝසරයාගේ දිග අගල් 10.6ක් පමණ වෙයි.
එහෙත් මෙම බිත්තරයේ දිග අගල් 6.7ක් පමණකි. ඒ අනුව මෙම බිත්තරය තුළ එම කලලය කෙසේ නවී සිටියේද යන්න හොදින් පැහැදිලි වන බව ඔවුන් පවසයි.එසේම මෙම හඳුනාගැනීමත් සමග ඩයිනෝසර කලලයක් කුරුල්ලෙකුගේ කලලයත් අතර එක සමාන ලක්ෂණ පවතින බවත් විද්‍යාඥයන් අදහසක් මතු කර තිබේ. ඒ අනුව පැටවා බිහිවීමටෙ පෙරාතුව මෙම වර්ග දෙකෙන්ම හැසිරීම් එක හා සමාන බවද ඔවුන් පවසා සිටියි.
0 Comments