විදෙස් ජාතිකයන්ට පකිස්තානයේදී කරදර සිදුවන බවට ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර ඝාතනයෙන් පසු ලොවපුරා කථාබහක් ඇති වීමෙන් පසුව
බ්‍රහස්පතින්දා පකිස්තානයේ බින් කාසිම් ප්‍රදේශයේදී 53 හැවිරිදි චීන ජාතිකයෙකු සියදිවි හානිකරගෙන ඇති බවට මුල් වාර්තා වල පළවූ මරණය ඝාතනයක් බවට සැක පහළවී ඇත.
ප්‍රදේශයේ SHO හැටියට කටයුතු කරන ඉම්රාන් අෆ්රිඩි පැවසුවේ ලී වින්ග් සින්ග් මැයි මාසයේ සිට මෙම චීන ජාතිකයා එරට සේවය කර ඇති බවත් වීසා ප්‍රශ්නයක් මත ඔහු සේවය කළ පෝට් කාසිම් හි බලාගාරයක එල්ලී සිටියදී සොයා ගත් බවයි.
ඔහුගේ සගයන් පොලිසියට දන්වා සිටියේ ඔහුට තම පවුලේ අය හමුවීමට අවශ්‍ය බැවින් ඔහු මානසික අවපීඩනයට පත්ව සිටි නමුත් කොවිඩ් සීමාවන් හේතුවෙන් ඔහුට ගමන් කිරීමට ඉඩ නොදී ඇති බවයි.
ජින්නා පශ්චාත් උපාධි වෛද්‍ය මධ්‍යස්ථානයට (JMPC) සිරුර වෛද්‍ය-නීත්‍යානුකූල විධිවිධාන සපුරාලීම සඳහා ගෙන ගිය අතර මරණයට හේතුව තවම නිල වශයෙන් සදහන් කර නැත. මෙම පුද්ගලයා ඝාතනය කර පසුව ඔහුගේ සිරුර එල්ලා ඇතැයි විශ්වාස කළ හැකි බව පොලිසිය ප්‍රකාශ කර තිබිණ.
පොලිසිය වැඩිදුරටත් සදහන් කර තිබුණේ මළසිරුර සොයා ගන්නා විට දෙපා බිම ගැටෙමින් තිබීම නිසා ඔහු එල්ලී ගෙල සිරවීමක් සිදුව නැති බවයි. මේ වැනි සාක්ෂි කිහිපයක් නිසා මෙය ඝාතනයක් බවට සැක කළ හැකි බවයි.
(ඩනී නිවුස් ඇසුරිනි- Gossiplankanews.com)
0 Comments