colomo-university-galagama-dhamma-ransi

කොළඹ සරසවියේ උපාධි ප්‍රදානොත්සවයේදී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අපකීර්තියට ලක්වීමෙන් පසු උන් වහන්සේට අත්වූ කටුක අත්දැකීම නිරාකරණය පිණිස කොළඹදී මාධ්‍ය හමු සංවිධානය වී තිබේ.
මේ සඳහා හිමියන් වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේ හා ආගමික නායක කිහිප නමක් වැඩම කරන ලද අතර සර්ව ආගමික සමුළුවක් ලෙස පැවති එහිදී පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් අදහස් පළ කර තිබුණි.


මෙම කටයුත්ත සිදු කරන ලද සිසුන් ඉදිරියේදී පුනරුත්ථාපනයට යොමු කළ යුතු බවද කුලපති හිමියන්ගෙන් සමාව ගත යුතු බවද දන්වා සිටින ලදි.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය හැසිරුනේ ඔවුන් දිරිගන්වමින් බාල බොළඳ ආකාරයට බවට එහිමියන් පෙන්වා දී ඇත.
‘මේ අය තවදුරටත් පුනරුත්ථාපනය කළ යුතුයි. උපකුලපතිනිය ගැන සැකයක් තිබෙනවා. එතුමිය හැසිරුනෙත් බාල බොළඳ අකාරයට සිසුන් දිරිගන්වමින්. ඒ අයට ඔහොම කරන්න එපා කියල අවවාද කරන්න ගියේ නැහැ. පින්තූරවලට පෙනී සිටියා.‘