වසරකට අධික කාලයක් සිට කොරෝනා වෛරසයට බියවූ තම සැමියා කුඩා දරුවන් දෙදෙනා සහ තමන් නිවසක දමා සිරකර ගෙන සිටීම නිසා දැඩි පීඩනයකට පත්ව ඇති බව පවසා 31 හැවිරිදි බිරිදක් 18දා ගලේවල මකුලුගස්වැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නිවසින් බැහැරවී ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම පැමිණිල්ලට අනුව 19දා මකුලුගස්වැව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂිකා ආර්.එන්.සී. දිහාරා මහත්මිය ඇතුළු කණ්ඩායමක් ගලේවෙල බඹරගස් වැව ප්‍රදේශයේ පිහිටි මෙම දරුවන් රදවා ඇති නිවසට ගොස් කොරෝනාවලට බියේ සිරවී සිටින දරුවන් දෙදෙනාත් 31 හැවිරිදි එම සැමියාද පොලීසියට රැගෙන ආ බව පොලීසිය සඳභන් කරයි. මෙම පිරිමි දරුවන් දෙදෙනා 07 හා 09වැනි වියේ පසුවන බව පොලිසිය පවසයි. පසුගිය අගෝස්තු මස 6වැනිදා මෙම කාන්තාව මකුලුගස්වැව පොලීසියට පැමිණ තමන් සහ දරුවන් තිදෙනා කුඩා කාමරයක දමා කිසිදු ආකාරයකින් තම පෞද්ගලික අවශ්‍යතාවකට හෝ වැසිකිලි කැසිකිලි ද යාමට හෝ එළියට බැසීමට නොදී කොරෝනා වැලදේ යැයි කුඩා කාමරයක සිරකරගෙන සිටින බවට පැමිණිලි කර තිබේ.
පසුව පොලිසිය නිවසට ගොස් අදාළ සැමියා දැනුවත් කොට මානසික වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබාදී නැවත නිවසට පිටත් කළද මෙම පුද්ගලයා ප්‍රතිකාර ඉවත දමා නැවතත් සුපුරුදු පරිදි කොරෝනා බෝ වීම වැළැක්වීම සඳහා දරුවන් පාසලට නොයවා ඔහුද ලංගම බස් ඩිපෝර්වේ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කළද සේවයෙන් පවා ඉවත්ව නිවසේ රැදී සිටින බවත් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.මෙම පුද්ගලයා තම මව සහ පියා ගෙනැවිත් දෙන ආහාර දැඩි ලෙස පිරිසිදු කොට දරුවන්ට නිවස තුළට තබා කෑමට සකසා දෙන බවත් කිසිදු ආකාරයකින් නිවස ආසන්නයේ හෝ නිවෙස ඇතුළත වෙනත් බඩු මුට්ටුවක් හෝ අතපත ගෑම සිදු නොකරන බවට දැනුද දීම සහ දරුවන් මෙන්ම ඔහුද නිරන්තරයෙන් සබන් වතුර සහ විවිධ විෂබීජනාශක යොදමින් පිරිසිදු වෙමින් සිටින බව දෙමවුපියෝ පොලිසියට ප්‍රකාශ කර තිබේ.
මෙම තත්වය ඉවසා ගැනීමටට නොහැකිවූ අදාළ දරුවන්ගේ මව 18දා මකුලුගස්වැව පොලීසියට පැමිණිලි කර නිවසෙන් පිටව ගොස් ඇති අතර,
එම දරුවන් දෙදෙනාත්, එම දරුවන්ගේ සීයා සහ ආච්චි අම්මාද පොලීසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ කොරෝනා ව්‍යසනය පිළිබදව දැනුවත් වූ මුල් අවධියේ සිට තම පුත්‍රයා එම වෛරසයට දැඩි ලෙස බියට පත්ව බවයි.පොලීසියට රැගෙනවිත් සිටියදීද 31 හැවිරිදි දෙදරු පියා කොරෝනා වෛරසය ශරීරගතවේ යයි දැඩි බියකින් පසුවූ බවත් තමන්ට මානසික රෝගයක් නොමැති බව පවසමින් ප්‍රතිකාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් සිටින බවද පොලිසිය කියයි.
කෙසේ වෙතත් පොලිස් භාරයට ගැනුණු දරුවන් දෙදෙනා සහ පියා වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සදහා පියවර ගන්නා බව මකුලුගස්වැව පොලීසිය කියයි සිද්ධිය සම්බන්ධයෙන් මකුලුගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඩී. සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂක ආර්.එන්. දිල්හාරා මහත්මිය ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
(එස්. කරුණාරත්න)
0 Comments