කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත් වූ සිවු දරු පියෙකු කෝවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු කර තිබුණද ඥාතීන් ඒ බව පිළිනොගැනීම හේතුවෙන් එම දේහය විශේෂ අධිකරණ පරික්ෂණයක් සදහා කොළඹ බෝවන රෝග විද්‍යායතනයට යවන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් එන්. නානායක්කාර මහත්මිය ඊයේ (14දා) නියම කළාය.ම
ෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත් කළුතර, බෝම්බුවල කිවුලවත්ත ප්රදේශයපදිංචිව සිටි උපාලි ජයතිස්ස නමැති 52හැවිරිදි පුද්ගලයෙකි. ජීවිතයට පත් වූ පුද්ගලයා පසුගිය 08වැනිදා කළුතර මහ රෝහලට ඇතුළත් කර පසුගිය 10වැනිදා සැත්කමකටම භාජනය කර 11 වැනි දින නිවසට පැමිණි ඇති බවත්,
සත්කමේ තුවාලයේසුවයක් නොපෙනුන බැවින් එම පුද්ගලයා නැවත පසුගිය 12වැනිදා රෝහල්ගත කළ පසු පෙරේදා දිනයේදී (13) පිවිතක්ෂයට පත් වූ බවත් ඥාතීහු ප්‍රකාශ කරති. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු බැවින් සොඛ්‍ය නිර්දේශ අනුව අවසන් කටයුතු සිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තීන් ඔහු කෝවිඩ් රෝගියෙකු බව පිළිනොගැනීම හේතුවෙන් මේ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කිරීමට දොඩම්ගොඩ පොලීසිය කටයුතු කර තිබේ.
ඒ අනුව කළුතර අතිරේක මහේන්ස්ත්රාත් එන්, නානායක්කාර මහත්මිය ඊයේ (14දා) කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මෘත දේහය පරික්ෂා කිරීමෙන් අනතුරුව විශේෂ පරික්ෂණයක් සඳහා දේහය බෝවන රෝග විද්‍යායතනයට යවන ලෙස නියම කළාය.
(කළුතර - සුනීල් එස්.කත්‍රිආරච්චි)
0 Comments