ජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරිමට
රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය
අමාත්‍යාංශය ඒ සදහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පසුගිය දා (17) පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු
රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.
කොවිඩ් කාලසීමාවේ දි පළාත් පාලන ආයතන මගින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සම්පත් ලබාදීම හා
මහජන සේවාවන් සැලසීමට ගත් පියවර සම්බන්දයෙන් ඇතැම් පළාත් පාලන ආයතන වලට එරෙහිව විගණන
පරික්ෂණ ආරම්භ කර ඇතැයි
පළාත් පාලන ආයතන ප්රධානිහු මෙහි දී ඇමතිවරයාට පැමිණිලි කළහ. එය
දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ දි ගත් තීරණයක් අනුව ක්‍රියාත්මක වූ බැවින් ඒ සම්බන්ධයෙන් අදාළ පරික්ෂණයේ
දි කරුණු ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.
ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම සහකාර පළාත් පාලන කොමසාරිස් හා බස්නාහිර පළාත්
ආණ්ඩුකාර වරයා ද කීවේ එය පවතින තත්ත්වය අනුව දිස්ත්‍රික් කමිටුවේ දි ගත් තිරණයක් බැවින් එහි
ගැටළුවක් නැති බවයි.
මේ වන විට ජනතාවට කොවිඩ් වසංගතය අමතක වෙමින් පවතින බවත් ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ
නොසලකා හරිමින් කටයුතු කරන බවත් වෛද්‍යවරු මෙහි දි පෙන්වා දුන්හ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා
ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මේ පිළිබදව ද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක
කර ඇති බවයි.
0 Comments