දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනෙහි නියමුවකු වූ අගදරගුරු ඩෙස්මන්ඩ් ටුටූ කේප් ටවුන් හිදී අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනය කළේ ය.
මියයනවිට 90 වන වියෙහි පසුවූ ඔහු නොබෙල් සාම සම්මානලාභියෙකි. නෙල්සන් මැන්ඩෙලාගේ සටන් සගයකු ලෙස ලෝක ජනාදරයට පත්වූ අයෙකි.
1986 දී කේප් ටවුන්හි අගරදගුරු ධුරයට පත්වූ ඔහු එම ධුරයට පත් පළමු කළු ජාතික පූජකවරයා විය. 1990 දී මැන්ඩෙලා සිරෙන් නිදහස් වූ පසු වර්ණභේදවාදය අවසන් කිරීමේ සාකච්ඡාවල ප්‍රමුඛයෙක් විය.
වර්ණභේදවාදය අවසන් වීමෙන් පසු එකල සිදුවූ අකටයුතුකම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ සත්‍ය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමේ සභාපතිවරයා වූයේ ද ටුටූ ය.
දකුණු අප්‍රිකාවේ නොබෙල් සාම ත්‍යාග ලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු වර්ණභේදවාදය අවසන් කිරීම වෙනුවෙන් කැපවූ ප්‍රබල චරිතයක් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval