dodangoda-incident

අවුරුදු දෙකක් වයසැති දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන අඹු සැමි යුවළක් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ  පොලිසිය කියයි.  මෙහි දී අත්අඩංගුවට පත්ව ඇත්තේ  තෙමිස් වත්ත,පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින 30 හැවිරිදි අනියම් අඹුසැමි යුවළක් බව පොලිසිය කීය.  



සැකකාර යුවළ අතර නිතර ආරවුල් පවතින බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට දාව උපන් දැරියට අමානුෂික අන්දමින් පහරදෙන බවට විශේෂ පොලිස් විමර්ශන ඒකකය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ලබාදුන්  තොරතුරකට අනුව සැකකරුවන්  අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය. දැරිය පරික්ෂා කිරිමේ දී ඇයගේ ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල  කැළැල් දක්නට ලැබුණු බව ද පොලිසිය කියයි. ඒ අනුව දැරිය ඇයගේ ඥාතිවරියක භාරයේ නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 සුමිත් ප්‍රේමතිලක