"මතින් තොර රටක් යන සංකල්පය කිසී දිනෙක මෙරටේ ක්‍රියාත්මක කිරීමට නොහැකිබව දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් වලින් තහවුරු වෙමින් පවතී. කොතැනක හෝ මනුශ්‍ය ඝාතනයක් සිදු වූයේ නම් ඊට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍යය. මංකොල්ලයක්, ගෙවල් බිඳුමක් හෝ වංචා සහගත ලෙස මුදල් ලබාගැනීමක් සිදු වී ඇත්නම් එයද මන්ද්‍රව්‍ය මුල් කරගෙන සිදු වූවකි. කෑමට බත් පිඩක් සොයා ගන්නට නොඑසේ නම් පාං කෑල්ලක් ගන්නට කළ කොල්ලයක් ගැන කිසිදින කිසිවකු අසා නැතිවාට සැකයක් නැත. එසේම රටේ සෑම අස්සක් මූල්ලක් නෑරම මේ මත් රකුසාට බිලි වී තිබීම රටේ අනාගතය කෙබඳු වේ දැයිකියන්නට හොඳම උදාහරණවේ.මේ කියන්නට යන්නේද එවැනි ඈත ගම්මානයකමත් ජාවාරමුන් අතර ඇති වූ ආරවුලක් මනුශ්‍ය ඝාතනයකින් අවසන් වූ කතාවකි. මීගහතැන්න පොලිසිය අයත්වන්නේ කළුතර පොලිස් කොට්ඨාසයටය.මීගහතැන්නට අයත් ගමෙක් කන්ද,පහළ හේවිස්ස,ආදී ගම්මාන තේ 'වගාවට ප්‍රසිද්ධ අතර පැලවත්ත වතුයාය පිහිටා ඇත්තේද මේ පොලිස්වසමේය.මේ වතු යායේ කම්කරුවන්ට ජීවත්වීම සඳහා රජයෙන් ඉඩලබාදී ඇති අතර පර්චස් 10,20 වැනි ඉඩම්වල ජීවත්වන මේ මිනිසුන් ගෙවන්නේ කන්ද උඩරට තේ වතු ආශ්රිත කම්කරුවන් ගෙවන ජීවිතවලට සමාන ජීවිතය.
වෙනසකට ඇත්තේ කන්දඋඩරට දෙමළ මිනිසුන් සිටීමත් මේ වත්තේ සිංහල මිනිසුන් සිටීමත්ය. වෘත්තිය කම්කරු වුවත් කවුරු කවුරුත් කසිප්පු ටික පෙරාගෙන ගංජා ටිකක් විකුණාගෙන අමතර මුදලක් හම්බ කරන්නේ ඒජාති දෙකම මොවුන්ට නැතිව බැරිනිසාය පෙරණ එකාත් බොන අතර මිලදී ගත්ත එකා සමග එකට බීගෙන ඇති කරගන්නා කලකෝලාහලවල නිමක් ඇත්තේ ද නැත,ඒ හේතුවෙන් පොලිසියටදමේ ගැටුම සමථයකට පත් කිරීම හැර වෙනත් රාජකාරියක් නැතිතරම්ය.එදිරිමුණිගේ සමන්කුමාරගේ පදිංචිය පහළ තේවත්ත, හේවිස්ස ප්රදේශයේය.වයස අවුරුදු 35ක්වන අවිවාහකයකු වූ මොහු කසිප්පු ජාවාරමට ගංජා විකිණීමටත් ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ වී සිටියේය.
මොහුට ගෝලබාලයන්ද බොහෝය.එහෙයින් සිතා සිටියේ ලොක්කෙකු ලෙසිනි.විශේෂයෙන්ම මොහුගේ ළගම යාලු මිත්රයවූයේ අල්ලපු වත්තේ පදිංචිකරුවන්ය.එකට එක්ව කසිප්පු පෙරීම මෙන්ම බීම ද මොවුන්ගේ එදිනෙදා ජීවිතයේ අංගයක් බවට පත්ව තිබිණි.බේබදු යාලුමිත්රකමේ සේම තරහ වූ විට වෛරයද එකහා සමානය. ප්‍රභලය, අල්ලපුගෙදර සිටි හොඳම මිතුර මෙන්ම ඥාතින් වන පිරිස සමග මොහුත් මොහුගේ පවුලේ අයත් අතර ආරවුලක් ඇතිවන්නේ පදනම් විරහිතවය.ඉන් අනතුරට දෙපාර්ශ්වය නිතර නිතර ගහමරා ගන්නට ගිය අතර පොලිසියට පැමිණිලි ගලා ඒම ද නිමක් නොවීය. කොපමණ අවවාද කළ ඒවා පොලිසිය ඇතුලේද පමණි.එලියට ගිය වහාම යළි. දෙපාර්ශ්වය ගැටුම් ඇතිකරගන්නේ බීමතේ රග පෙන්වමිනි. සමන් කුමාර කවදත් නහර කාරයෙකි, ඒනිසා මොහු සාමදානයට කැමැති බව පෙනෙන්නට තිබුණේ නැත.
දෙපාර්ශවයේ ගෝරි බේරා ඉවරයක් නැතිතැන පොලිසියමේ දෙගොල්ලන්ගේම ඇග බඳින්නට කටයුතු කළේ ඓලෙසින්වත් මොවුන් සාමකාමී වේදැයි සිතාගෙනය.
එහෙත් ගෝරිවල ඉවරයක් නැත. බැරිම තැන අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමන්ගේ ගෙදරට යන්නේ මව්පියන්ට අවවාද දී ඒ හරහා වත් සමන් හොඳ මගට ගෙන ළග ළගම එන මාරයාගෙන් ගලවා ගන්නට සිතාගෙනය.."සමත්කරන මේ වැඩවලින් කවදහරි වෙන්නේත් මහමග මැරුම්කන්න. ඒ නිසා පුතාගේ ජීවිතේ වටිනවානම් එයාට ගෝරිවලට පටලැවෙන්නේ නැතිව පාඩුවේ වැඩ කරගෙන ඉන්න කියන්නට ඒ මීට මසකට පමණ පෙර අපරාධ අංශයේ ස්ථානාධිපති වරයාදුන් අවවාදයයි.මේ කතාව සමහරවිට මව පියා සමන්ට කියන්නට ඇත, ඒ නිසාදෝ මසකට ආසන්න කාලයක් ගෝරිඇති වූ බව පොලිසියට දැනගන්නට ලැබුණේ නැත.
එහෙත් පසුගිය 13වැනිද රාත්‍රියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් මීගහතැන්න පොලිසියට ලැබුණු පණිවුඩයෙන් කියැවුණේ තේවත්ත,පහළහේවිස්ස ප්‍රදේශයේ පුද්ගලයකු කපාදමා ඇති බවයි.මෙම තොරතුර ඇසූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට යමක් මතක් විය,ඒ මීට මසකට පමණ පෙරදුන් අවවාද පිළිගෙන නොමැති බවයි.පොලිසිය යන විටත් පහර කෑ පුද්ගලයා එතැනම වැටීසිටියේ ඔහු රෝහලට රැගෙන යැමට කිසිවකු ඉදිරිපත්වී නොමැති බව පැහැදිලි කරවමිනි. පොලිසිය මුලින්ම කළේතුවාලකරු රෝහලට රුළගනයාමයි. මීගහතැන්න රෝහලේ වෛද්‍යවරු පැවසුවේ ඇතුලත් කරන විටත් ඔහු මියගොසිටි බවයි. මෙලෙස මියගොස් සිටියේ වෙන කිසිවකු නොව සමන්ය. ඔහුගේ පවුලේ අය පැවසුවේ මේ ඝාතනය අල්ලපු වත්තේ පිරිසගේ වැඩබවයි.
එහෙත් ඔවුන් මේ සිද්ධිය නොදුටුබවද පවසා තිබිණි.අල්ලපු වත්තක පදිංචි අයකු මෙම ආරවුල දැක ඇති අතර ඔහු පවසා තිබුණේ දෙපාර්ශ්වයේ කිහිපදෙනකුම ගැටුමට එක්ව සිටිනු දුටුබවයි. කෙසේ වෙතත් සැකකාර පාර්ශ්වය පවසන්නේ සැකකාර පාර්ශ්වයේ පවුල් පිරීමි සියල්ලන්ම මීට දායක වූ බවයි.මේ වනවිට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවටගෙන ඇත.ඉන් එක් අයෙකු අල්ලපු ගෙදර ගෘහ මූලිකයාය. අනෙක් පුද්ගලයා එම පවුලේ හිතවතෙකි, පලාගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය, ඔවුන් දැනටමත් අත්අඩංගුවේ පසුවන පුද්ගලයාගේ පුතුන් දෙදෙනාය. ඒ අනුව පෙනීයන යමක් ඇත.ඒ මත් රකුසාට ඕනැම කාඩාකප්පල්කාරී ක්‍රියාවක් කළ හැකි බවයි. මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්පරීක ජගත් ආරියවංශගේ උපදෙසින් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ ඇතුලු කණ්ඩායමක් මෙම විමර්ශනයට එක්විය.
-තක්ෂිලා ජයසේකර-
0 Comments