dubai-expo-president

ඩුබායිහි පැවැත්වෙන “ඩුබායි එක්සපෝ - 2021" වෙළෙඳ ප්‍රදර්ශනය නැරැඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ගිය අවස්ථාවේ ශ්‍රී ලංකාවට වෙන් කර තිබූ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන කුටි දෙකම හිස්ව තිබී ඇතැයි ද එය බාරගත් ප්‍රදර්ශකයන් ඒ වන විටත් එරටට ගොස් නොසිටි බව ද වාර්තා වේ.   ජනාධිපතිවරයා පෙරේදා (5) එම වෙළෙඳ ප්‍රදර්ශනය නැරැඹීමට ඩුබායි රටට ගිය අතර, එහිදී ශ්‍රී ලංකාවට වෙන් කර තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි හි තිබීම ගැන එහි සිටි නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇතැයි ද වාර්තා වේ. 

මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශකයන් දෙදෙනකුට එම කුටි බාර දී ඇතත්, වීසා ලබාගැනීමට නොහැකි වීම නිසා ඔවුන් ඩුබායි යෑම ප්‍රමාද වී ඇතැයි ද ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


එම ප්‍රදර්ශකයන් දෙදෙනාට ඩුබායි වීසා ලබාගැනීමට මැණික් හා ස්වර්ණාභරණ  අධිකාරියේ කළමනාකාරිත්වයෙන් සහ සංචාරක  මණ්ඩලයෙන් නිසි සහායක් හා සම්බන්ධිකරණයක් සිදු වී නැතැයි ද එම ආරංචිමාර්ග කියයි.   එක ප්‍රදර්ශකයකු ඊයේ (6) ඩුබායි ගොස් ඇතත්, ඒ වන විට ජනාධිපතිවරයා ලංකාවට පැමිණ සිටි බව ද පැවැසේ.  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇතැම් නිලධාරින්ගේ නොසැලකිල්ල හා අදක්ෂතාව නිසා මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශකයන් මහත් අපහසුතාවකට පත්වන අතර, රටට ලැබීමට තිබෙන ඩොලර් අහිමි වන බව ද එම කර්මාන්තයේ නියැලෙනෝ පෙන්වා දෙති.


ලෝකප්‍රසිද්ධ “ඩුබායි එක්සපෝ - 2021". ප්‍රදර්ශනය මාස හයක පමණ කාලයක් තිස්සේ පවතින අතර,

රටවල් ගණනාවක ක්ෂේත්‍කිහිපයක භාණ්ඩ ප්‍රදර්ශනයට හා අලෙවියට තබා තිබේ.  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යක්ෂමතාව නිසා එවැනි ප්‍රදර්ශනවලින් මෙරටට උපයාගත හැකි විදේශ විනිමය අහිමි වන බව ද කර්මාන්තකරුවෝ චෝදනා කරති.


 -රංජන් කස්තුරි-