elon-musk-time

ටෙස්ලා සමාගම් සහ ස්පෙස්  එක්ස් සමාගමේ නිර්මාතෘ එලෝන් මස්ක් මේ වසරේ TIME සගරාවේ පුද්ගලයා ලෙස නම් කිරීමට එම සගරාව කටයුතු යොදා ඇතැයි පවසයි.

ලොව තාක්ෂණයේ දියුණුව සම්බන්ධයෙන් ඔහු මේ වසරේදී ලබාදුන් දායකත්වය මෙලස එම නම් කිරීමට හේතුව වී තිබේ.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූ 50 හැවිරිදි එලෝන් මස්ක් අද වනවිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින්ද සැලකෙයි. එසේම . ඔහු මේ වසරේදී ඇමසෝනා සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් අභිභවමින් අභ්‍යාවකාශ තරගයේ ඉරියටම පැමිණීමටද සමත්වීමද කැපී පෙනුණි.මේ අතරම ඔහුගේ ටෙස්ලා විදුලි මෝටරය නිෂ්පාදන සමාගමේ වටිනාකම පසුගිය ඔක්තෝබර් මාසයේදී ඩොලර් ට්‍රිලියනයක්ද ඉක්මවීමට සමත්විය. එසේම එක්සත් ජනපදයේ නාසා ආයතනය සමග ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා වන කොන්ත්‍රාත්තුව දිනා ගැනීමටද ඔහුගේ සමාගම සමත්ව සිටියි.