ex-love-issue

එයා මට හැම තිස්සෙම ගහනවා බනිනවා. ඒ හින්ද මම ගෙදර ගිහින් නවනිනවා. එතකොට මට කෝල් කරලා එන්න කියලා කරදර කරනවා. ඒ විදියට ඇවටිලි කරල ගෙන්න ගත්තත් දවසක්නත් හොඳින්   ඉන්න හම්බ වෙන්නෙ නෑ. බීගෙන ඇවිත් ආයිත් මාත් එක්ක රණ්ඩු කරනවා...  සුජිත්ගෙන් ඇයට නිතරම ගුටිබැට පුජා ලැබෙන විට ඇය ඔහු හැරදමා ගියත් ආපසු එන්නැයි දුරකතන ඇමතුම් දෙමින් ඇවිටිලි කරද්දි ඇය, ඔහු වෙත පැමිණෙන්නේ ගුටි නොකා සීටිමට අපහසු නිසා විය යුතුය. නැතිනම් ඇයට නැවත පැමිණීමට වුවමනාවක් නැති තරම්ය.කෙසේ වුවත් උඩුපුස්සැල්ලාවේ සිට ඇය නවගමුවට පැමිණෙන්නේ ඔහු සමග එක වහලක් යට විසීමටය.  ඇඹිලිපිටිය. මොරකැටිය,යාය I, සූරියවැව පාරේදිංචිකරුවකු වන හිත්තැටිය  හේවගේ සුජිත්, පනස්එක්හැවිරිදි විවාහකයෙකි.  දෙදරු පියකු වන ඔහු බිරියගෙන් දික්කසාද වී සිටි අතර කොළඹට එන්නේ රැකියාව සඳහාය. ඔහුට ඇය හමුවෙන්නේ කම්කරුවකු ලෙස කාඩ්බෝඩ්  ආයතනයක සේවය කරමින් සිටියදීය. දෙදරු මවක් වන ඇයද දික්කසාද වී සිටි අතර දෙදෙනාටම  සිටියේ විවාහ වන වයසේ දරුවන්ය. හතලිස් එක්  හැවිරිදි වියේ පසුවුවත් හැඩකාරියක් වූ දෙමල ජාතික කාන්තාවක් වන මෙම තැනැත්තිය කෙරෙහි සුජීගේ හිත බැඳි ගියේ දුටු පළමු අවස්ථාවේදීමය.

නවගමුව ප්‍රදේශයේ බෝඩිං කාමරයක යුවල කුඩු වෙන්නේ ඒ අනුවය. ඒ මීට වසර එකොලහකට පමණ පෙරය. ඉන්පසු රැකියාවට නොයන ඇය ඔහුගේ අනියම් බිරිය ලෙස ඔහු සමග එකට කාලය  ගත කරන්නේ ඔහුගේ සියලු උවමනාවන් නිසි  ලෙස ඉටුකරමිනි.  මත්වතුර පානයට ලොල් සුජී බීගත් විට ඇය සමඟ රඩුකර ගත්තේ හේතුවක් ඇතුව මෙන්ම නැතුවය.

එන්න එන්නම ඔහුගේ තාඩන පීඩන වැඩි  වනවිට ඇය කරන්නේ උඩුපුස්සැල්ලාවේ යන එකය.ටික දිනකින් ඇය නැවත නවගමුවට එන්නේ රැකියාවට යන බව පවසමින් වුවත් ඇය කරන රැකියාවක් නොමැති බව පවුලේ අය දැන සිටියේ නැත.‍මෙම යුවලගේ රණ්ඩුසරලේ අසල්වාසීන්ටද මහත් හිරිහැරයක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වුණේ නැත.නවගමුව පොලිසියේ පැමිණිලි පොතේ පිටු කීපයක්ම වෙන් වී ගියේ ඇය විසින්  ඔහුට විරුද්ධව සිදුකරන ලද පැමිණිලිවලටය.  පොලිසිය ආසන්නයේ බෝඩිං කාමරයක සිටියදී  ඇතිකරගත් ආරවුල් නිසා මෙම යුවලව කමරයෙන් ඉවත්කිරීමට එහි හිමිකරු කටයුතු කළ අතර  ඉන්පසුව ගඟ පාරේ කාමරයකට ගියත් ඵහිදී ද ගහ  මරාගත් බැවින් ඔවුන්ට සිදුවූයේ එම කාමරයටද සමුදීමටය. ඔවුන් උඳුගොඩ පාරේ බෝඩිමකට යන්නේ ඉන් පසුවය. මීට මාස දෙකකට පමණ  පෙරය.

එහි ගොඩනැගිලි ඉදිකර ඇත්තේ බෝඩිමකට සුදුසු ආකාරයටය. එනම්  එකිනෙකට යාව කාමරය බැගින් ඇති ගොඩනැගිලි දෙකක් කුලියටලබාදීමට  වෙන්කර ඇත. එ ගොඩනැගිල්ලක කාමර  තුන බැගින් කමර හතරක්  බෝඩිමට අයත් අතර සුජිත්ලා සිටියේ එ ගොඩනැගිල්ලේ  තුන්වැනි කාමරයේය.එම කාමර තුනේම සිටියේ තනි කාමරයේ උයාගෙන කන සුජිත්ලා මෙන්ම  අනියම් ජෝඩු තුනකි.උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් බීමට යොදවන බැවින් ඇය නිතරම ඔහු සමග ගැටුම් ඇති කරගත්තේ මුදල් ඉල්ලමිනි. එවිට ඔහු කරන්නේ ඇය සමඟ රණ්ඩු කරගැනීම නිසා මෙම බෝඩිමද උදේ සිට රෑ නින්දට යනතුරුම ඇසෙන්නට වූයේ තීත්ත කතා බැවින් එහි හිමිකරු ද ඔවුන්ට පවසා සිටියේ වෙනත් ස්ථානයක් සොයාගන්නා ලෙසය. මේ නිසා සුජී සිටියේ අළුත් නවාතැන  නිවහන කර ගැනීමට සොයමිනි. මෙම සිද්ධිය වන්නේ මෙම යුවල එම ස්ථානයට සමුදීමට යොදාගෙන තිබු දිනට පෙර දිනය.



පළමු කාමරයේ සිටි පුද්ගලයා හදිසියේ අනතුරකට ලක්ව ඇති බැවින් ඔහු සිටියේ ඇඳෙන් බැසීමට අපහසුවය.ඒනිසා ඔහුගේ බිරියද ඔහු සමග කාමරයේම සිටියේ ඔහුට ඇප උපස්ථාන සිදු කිරීමට උවමනා නිසාය. සුජීත්ද  එදින කාමරයේ සිටි අතර හවස දෙකට පමණ ඔහු පළමු කාමරයට පැමිණ ඇඳේ සිටී රෝගියා සමග කතාකරමින් පැය භාගයක පමණ කාලයක් ගත කළේය. ඉන්පසුව තමන්ගේ කාමරයට ගිය සුජීත් ඇය සමග හයියෙන් කතාවක් ඇතී කරගෙන තිබෙන බව රෝගියාට ඇසුණත් ඔවුන්ට කළ හැකි දෙයක් තිබුණේ නැත. බොන්නේ නැතුව ඉන්නවා නම්   සුජිත් අයිය කොච්චර හොඳද.  රෝගියා ඔහුගේ බිරියට එසේ පවසා නිහඩ  වූයේ එන්න එන්නම ඇසෙන ශබ්දය කන්  කරච්චලයක් බවට පත්වෙද්දීය.ටික වේලාවකින් සුජිත්ලා කාමරය පැත්තෙන් ඔවුන්ට ඇසුණේ ඩෝං ගා යමක් දොරේ වැදී පුපුරා යනවා වැනි ශබ්දයකි. . අනුමානයනෑ. බඩුත් පොඩි කරනවද කොහෙද.අදත් මාරගෙන තමයි නවතීන්නේ. රෝගියා එසේ සිතමින් මොහොතක් දෑස් පියා ගත්තේ අසනීපය සැදුනවිටවත් නිවීහැනහිල්ලේ මොහොතක් සිටීමට නොහැකිවීම ගැන කණගාටුවෙනි. එහෙත් ඔවුන්ගේ දැහැන බිඳි ගියේ ලේ  පෙරාගෙන සුජිත් දුවගෙන පැමිණ කාමරයේ ජනේලය ළග නතරවූවිටය.

මක් ‍වෙලාද? ඉක්මනට ඔහොම ඉඳගන්න.    ඔහු ඇඳේ සිටම ජනේලයෙන් එබී බලා සුජීන්ට පැවසුවේ තමන්ට නැගිට ගැනීමට නොහැකි නිසාය.  ජානකී මට පිහියෙන් ඇන්නා. සුජිත් ජනේලය  අසල කොරිඩෝවේ බිම ඉඳගන්නා ගමන් පැවසුවේ වේදනාවෙන් ලතෝනි දෙමිනි . එවිටම ඇයද ඔහු සිටි තැනට දුවගෙන ආවේ හිසේ පෙරෙන තුවලය සහිතවය. මෙම කලබැගෑනිය ඇසී එම ස්ථානයට දුවගෙන පැමිණි අනෙක් ගොඩනැගිල්ලේ සිටි තරුණයන් දෙදෙනකු ඔවුන්ගේ ත්‍රීරෝද රථයෙන් සුජිත්ව නවගමුව රෝහලට රැගෙන යන අතර තුවාලකාරිය රෝහල්ගත කරන්නේ බෝඩිම් හිමිකරු පැමිණීමෙන් අනතුරුවය. රෝහලෙන් දෙදෙනාවම එකම ගිලන් රථයේ දමාගෙන කොළඹ ජාතීක රෝහල කරා රැගෙන යන අතර පුරුෂයා 72 වාට්ටුවේ කාන්තාව 73 වාට්ටුවේත් ප්‍රතිකාර ලබන්නේ ඉන් පසුවය. කෙසේ නවගමුව පොලිසියට එදින රාත්‍රී දොළහට පමණ රෝහලෙන් දැනුම් දෙන්නේ පිහි ඇනුම් ලද මෙම පුද්ගලයා රාත්‍රී 7.25ට පමණ මියගොස් ඇති බවය.

නවගමුව පොලිසිය විමර්ෂන ආරම්භ කිරීම සඳහා උඳුගොඩ, අංක 600/ඒ 2දරණ ලිපිනයේ අදාල බෝඩිම වෙත යන්නේ ඒ අනුවය.

ගොඩනැගිල්ලේ උඩුමහල ඉදිකිරීම සඳහා ස්ලැබ් එකදමා තිබූ අතර සිද්ධිය වූ කාමරයේ මිදුලේ පොල්  ගෙඩියත් තිබීණි. දොරේද පොල්ගෙඩිය වැදීමෙන් සිදුවු පාරක් තීබූ අතර කාමරයේ ඇඳ යටද පොල් ගෙඩියක් තිබෙන බව නිරීක්ෂණයවිය.  කුඩා ජංගම දුරකතනයක පිටුපස කවරය මෙන්ම සිම්පත ද කාමරයේ වැටි තිබූ අතර බුදු පිලිමය අසල පහන, මල්වට්ටිය හා හඳුන්කූරුද බිම වැටී තිබුණේ ඔවුන්  කාමරය තුලදී රණ්ඩුවී ඇති බවට සාධක ලෙසය. කෙසේවුවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අණාවරනයවී ඇත්තේ සූජිත් විසින් ඇගේ හිසට  එල්ල කරන ලද පොල් ගෙඩිපහරින් අනතුරුව ඇය විසින් ඔහුගේ ගෙල ප්‍රදේශයේ උරහිසට,පාන් කපන පිහියෙන් පහර එල්ල කර ඇති බවය.කාමරය ඉදිරිපිට තිබූ මල්පෝච්චියක කොලයක ඔතා තිබූ ලේ තැවරුණ පිහිය සොයාගන්න‍ෙ පසුවය.   

සුජීත්ගේ මරණයට වගකිවයුතු සැකකාර අනියම් බිරිය අත් අඩංගුවට පත්වෙන්නේ ඒ අනුවය.   එයා මාත් එක්ක රණ්ඩුවෙලා පොල් ගෙඩියෙන් මගේ  ඔළුවට ගැහුවා.මං උඩ තට්ටුවට  දිව්වා බේරෙන්න.එයා මට පහළට අඩගැහුවා, මං ආවට පස්සෙ මට පිහියෙන් අනිනන හැදුවා. මං පිහිය උදුරනකොට එයාට වැදුණා. ඇය පවසන්නේ එවැන්නකි. කෙසේ වුවත් දැන් ඔහු ජීවතුන් අතර නැත.ඒ පිහි ඇනුමකට ලක් වීමෙනී.එහි චෝදනාව එල්ලවී ඇත්තේ ඇය වෙතය. ඇගේ දෑතට මාංචු වැටු මේ අනුවය.  කෙසේ වුවත් අනියම් ඇසුරු නිරන්තරයෙන්ම අවසන් වන්නේ ශෝකාන්තයකීන් බව පුන පුනාකීම  ඇවැසි නැත.ම‍ෙ ආදර අන්දරයද කෙලවරවූයේ එකෙකු වලපල්ලට අනෙකා මහඋළුගෙදරටත් සින්න කිරීමෙන් අනතුරුවය.

-වීනිතා මානෙල් ගමගේ-