හත්වන ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාගත් ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදි.
තම දියණියට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම සඳහා 07 වන ශ්‍රේණියට ඇතුළත් කර දෙන ලෙස විදුහල්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ පසුවරුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබාදෙන්නේ නම් එලෙස විදුහලට ඇතුළත් කළහැකි යයි විදුහල්පතිවරයා දන්වා ඇත.
සිය නිල කාමරය තුළදී මෙම මුදල ලබාගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ ලේකම්වරිය අප්සරා කල්දේරා සඳහන් කර තිබේ.
ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ වැටලීම සිදුකර ඇති අතර විදුහල්පතිවරයා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (24 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු විද්‍යාලයීය නිල ෆේස් බුක් පිටුවේ ‘අඳුරු වසර 3ක විද්‍යාලයීය කාලය අදින් නිමයි.‘ යනුවෙන් සටහනක්ද ඊයේ (23) පළ කර තිබුණි.
‘සාර්ථක අරගලයක අවසානය මෙතනින් නිමා කිරීමට ලැබීම ගැනීම අපට ඇත්තේ ඉමහත් සතුටකි..
නව නායකයෙක් යටතේ විදු මෑණියගේ ඉදිරි ගමන සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු...
ඔබට ජය වේවා මෑණියනි..‘
එම සටහනේ වැඩිදුරටත් කියැවුණි.
0 Comments