gas-lable-litro

පසුගියදා ඇතිවූ ආන්දෝලනයෙන් පසු ගෑස් අලෙවිය තාවකාලිකව නතර කළ ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට අලුතින් පිරවුම් කළ ගෑස් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.





ඒ අනුව නව සිලින්ඩරවල කටේ සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවක් තිබේ.

සමාගම බියුටෙන් සියයට 70 ක් හා ප්‍රොපේන් 30 ක් ලෙස සංයුතිය පවතින බව කීවද පර්යෙෂණ වලදී එය 50-50 බව හෙළිවූ අතර ගෑස් සිලින්ඩරයෙන් හැමවිට බුබුලු පිටවන්නට හා සම්බන්ධිත බට හා උදුන් පුපුරා යන්නට ප්‍රොපේන් සියයට 50 පීඩනය හේතුවූ බව හෙළිවිය.


කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ගෑස් සමාගම් මෙම පර්යේෂණ වාර්තා දිගින් දිගට ප්‍රතික්ෂේප කර තිබුණි.
අලුතින් නිකුත් කර ඇති නව සිලින්ඩර නියමිත ප්‍රමිතියෙන් පුරවන්නට ඇති බවට පාරිභෝගිකයින්ට අනුමාන කළ හැකිය.

කෙසේ වෙතත් ගෑස් කාන්දු නිසා සිදු වූ පිපිරීම් පිළිබඳ සිද්ධි කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම අදත් වාර්තා වූ අතර ගාල්ල තල්ගම්පළ, පන්නල හෙට්ටිරිප්පුව හා මාතලේ යටවත්ත සිද්ධි වාර්තාවී තිබේ.