gas-report

ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලිනව ගෑස් සංයුතියේ සිදුවූ වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.


ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පුපුරා යාම් හා ගිනි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට හා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණ කමිටුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිය වාර්තාව ඉදිරිපත් කරමින්
ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ නිසි නියාමනයකින් තොරව බව ද තමන් කළ විමර්ශනයේ දී හෙළි වී යැයි  ප්‍රකාශ කළේය.

ගෑස් නිෂ්පාදනය නියාමනය සඳහා මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනයක් වහාම ප්‍රතිස්ථාපනය විය යුතු බවට නිර්දේශ කරන ඔවුන් ගෑස් සංයුතිය වෙනස් ප්‍රොපේන් හා බියුටේන් මෙන්ම ගෘහස්ත ගෑස් සඳහා භාවිතා කෙරෙන අනෙක් සංයෝග ද වෙන වෙනම ආනයනය කළ විට ඒවා මිශ්‍ර කර ගැනීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමට ස්ථානිය පහසුකම් නැති බවත් ඒවා සකස් කර ගත යුතු බවත් එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත.



එමෙන්ම රජයේ සමාගම වන ලිට්රෝ ගෑස් සමාගම් පරිශ්‍රය තුළ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයක් වහා ආරම්භ කළ යුතු බවත් එය කාර්මික තාක්ෂණ ආයතනයේ අධික්ෂණය යටතේ පවත්වාගෙන යායුතු බවටත් තම කමිටුව නිර්දේශ කළ බව ද මහාචාර්ය වල්පොල කියා සිටියේය.