හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි සෙනෙවිරත්න මහත්මිය නව සොයාගැනීම් ගණනාවක් සිදු කරමින් ජෛව වෙද විද්‍යාවට කර ඇති විශිෂ්ට සේය වෙනුවෙන් හෙලන් හේ විට්නි ෆෙලෝප් (Helen Hay Whitney fellowship) සම්මානය පසුගියදා දිනාගත්තාය. ඇයට මෙම සම්මානය පිරිනැමීමට විශේෂතම හේතුව වන්නේ මිනිසාගේ ශ්‍රෝණි පටිය (pelvic girdle) වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්රිත රෝග පිළිබඳව නව සොයා ගැනීම්ය.
ලෝකය පුරා පිළිගත් මෙම සුවිශේෂ වූ සම්මානය මෙයට පෙර දිනාගෙන ඇත්තේ නොබෙල් ත්‍යාගලාභීන් කිහිපදෙනෙකු පමණි. සෙනෙවිරත්න මහත්මිය ඇයගේ පරික්ෂණ වෙනුවෙන් මෙරටදී ජනාධිපති සම්මානය දෙවතාවක්ම හිමිකර ගත්තාය. මෙයට අමතරව ඇය ශ්‍රී ලංකා පර්යේෂණායතනය විසින් පිරිනමන ලද වසරේ විශිෂ්ටතම පර්යේෂණ සම්බන්ධයෙන් වූ සම්මානයද හිමිකරක්ගෙන ඇත.
ඇය විසින් ජෛව වෛද්‍ය විද්‍යාවේ ප්රගමනය සඳහා දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පර්යේෂණ ප්‍රකාශන සංඛ්‍යාව විශාලය. අවස්ථාවේදී ගෙම්බන්ගේ ශරීරයන්හි වර්ධනය වන මිනිස් කලලයන්හි අක්ෂි තීරුවේ දක්නට ලැබෙන අසාමාන්යතාවකට ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකි ජානයක්ද සොයා ගන්නා ලදී. මෙම සොයා ගැනීමට අමරිකා එක්සත් ජනපදයේ ඉහළ අවධානයක් හිමිවූ අතර එරට පළවන ප්‍රධාන පෙළේ සඟරාවක් වන Proceedings of the national sciences හිඳ ඊට වැඩි ඉඩකඩක් වෙන් කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල්ම සාකච්ඡා කර තිබිණි. ගයාන් සෙනෙවිරත්න මහත්මිය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකි. ඇය විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට 2009 වසරේදී ඇතුළත් වූවාය.
තමා මතු දිනෙක මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ විද්‍යාව හදාරණ දරුවන්ගේ සිහින සැබෑ කර දීමටත් බලාපොරොත්තුවෙන් පසුවන බව ආචාර්ය සෙනෙවිරත්න මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. එසේම පෘෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් විසඳීමට හැකි තමගේම විද්‍යාගාරයක් මතු දිනෙක පවත්වාගෙන යෑමද තමාගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බව ඇය සඳහන් කළාය. ගයාන් සෙනෙවිරත්න මහත්මිය සුරාබදු කොමසාරිස් (මධ්‍යම පළාත්) උපුල් සෙනෙවිරත්න මහතාගේ දියණියකි.
-සුජිත් හේවාජුලිගේ-
0 Comments